තනිකම නුඔය මගෙ තනියට තනි රකින

තනිකම නුඔය මගෙ තනියට තනි රකින

පිපි මල් පරව අවපැහැවී බිම වැටෙන පරඩැල් සැලි සැලී ඉකිබිඳිමින් හඬන සියොතුන් ඉගිළ යන අතු ඉති තනි කරන සැන්දෑවක් ඇවිත් බිම් කළුවර රැගෙන පොල් අතු වහල වැහි දවසට බිම තෙමන කළු ගැහි ගැහී කළු රූ අඳුරේ මවන නොපෙනෙන තැනක ඇවිදින විට රෑ සිහින කඳුළක් ඇවිත් තනියම ඇස් කොන් තෙමන... වෙව්ලන ඇඟිලි තුඩඟින් හිස පිරිමදින නුඹ තනි නැත කියා මට නොකියා කියන සෙනෙහස අඩු නොකොට මා හදවත රකින රෑ සිහිනය නුඹද නොපෙනෙන තැන ඇදෙන.... කිසිවකු නැති රැයෙක මා තනියෙන් සිටින රෑ සිහිනෙන් ඇවිත් පැදුරට මා නිදන තුරුළු ව සෙනෙහසින් මා හිස පිරිමදින තනිකම නුඹ ය මගෙ තනියට තනි රකින...
කවිය බලන්න