පිය සමර

පිය සමර

ජයන්තා මිහින්දුකුලසූරිය

ගඟක් සේ ගලාවිත් සිහිල සැදුවේ නුඹයි සිහිල් මඳ පවන වී විඩා නිව්වේ නුඹයි වනස්පතිය ක් වෙමින් සෙවණ දුන්නේ නුඹයි සිහිල් උල්පතක් වී පවස නිව්වේ නුඹයි ලේ කඳුළු දහඩියෙන් කිරුළු තැනුවේ නුඹයි සිප්සතර දී සොඳින් නැණැ'ස වැඩුවේ නුඹයි නව ලොවක් දකින්නට දෑස් දුන්නේ නුඹයි පියාණෙනි,මිනිස් වෙස්ගත්දෙවිඳු නුඹම වෙයි ! ඔබේ මුදු සිනාවත දකිමි මම සිහිනයෙන් නෙතට රසඳුනක් විය එදා මට ඔබෙ දසුන් රළු දෑත්වල පහස විඳගනිමි සෙනෙහසින් ලොකුදුවේ කියන හඬ අසමි මම සිහිනයෙන්! නුඹෙන් සිප් ලද පුතුන් අද ලොවම දිනා ඇත නුඹ තැනූ මාවතේ උන් තුටින් පිය නගත නුඹේ ගුණ සුවඳ හැම හදවතේ රැඳී ඇත නුඹ නමින් මල් පිපෙයි සුවඳ විහිදා දසත ! 2025.1.1
කවිය බලන්න