හිරු දෙවියන් වෙහෙස නිවයි

හිරු දෙවියන් වෙහෙස නිවයි

රාණි මොහොට්ටි

සුමුදු කිරණක් රැගෙන ආයෙමි උදෑසන මා ඔබ සොයා රුවැති පැහැපත් මගේ කිරණින් සැතපුනා ඔබ දින පුරා ගතට ලංවී සෙනෙහෙ වාගෙම උණුසුමත් දන් හැටි නුරා මතක ඇතිනේ කුසත් නිවනට සැදුව මල් ගෙඩි තුරුලතා ලොවට ජීවය මගෙන් සැලසෙන කතා ඇසුවාම සිත පුරා දැනුන සුන්දර මුදු හැඟුම් ඇත සතුට ගෙන දෙන මට ඉතා සැමට සුව සෙත සදා දෙන්නට හැකිවු විලසින් මන තවා ඉතින් වෙහෙසයි යන්න යමි මම සයුරු රැල්ලක සැඟවිලා ඔබට නොපෙනෙන තවත් පිරිසක් ඉඳියි මා එනතුරු බලා නැවත එන්නෙමි හෙට දිනේදී මිහිරි දවසක් ගෙන ඔතා Photo Credit; Andrey Grinkevich
කවිය බලන්න