වැරදි පැණයකි

වැරදි පැණයකි

ඔහු අසයි : "හරිහම්බ කරල ඇති සෑහෙන්න ඔය තරම් කාලයක් පිටරටක! නිරුත්තර වෙමි. අසනු මැන මගෙන් : පාර තොට වැරදිලා ජීවිතෙන් පැරදිලා නීතියෙන් විසඳුමක් සොයා ආ මිනිසෙකුට පිළිසරණ වූ අයුරු අසනු මැන මගෙන් : ළඳ බොළඳ ළමා වියෙ මිනිස් ගොදුරක් වෙලා නීතියෙන් විසඳුමක් සොයා ආ ගැහැණියට පිළිසරණ වූ අයුරු දින ගණන් සති ගණන් නොනැවතී කතා කළ හැකිය මට කැප කෙරූ හැටි දිවිය සහනයක් ලැබ දෙන්න නීතියේ පිළිසරණ පතා ආ දුප්පතුන්ට අසරණයින්ට ගණිකාවන්ට බේබද්දන්ට සිඟන්නන්ට සිරකරුවන්ට සරණාගතයින්ට ආදිවාසීන්ට අමිල වූ අනගි වූ ඔවුන්ගේ තුති වදන් පමණි එක්රැස් කළේ පුරා සතලිස් වසක්
කවිය බලන්න