එතෙරට දරුවන් යවා තනිවූ පියෙකුගේ අඳෝනාව

එතෙරට දරුවන් යවා තනිවූ පියෙකුගේ අඳෝනාව

ශ්‍රී නිමල් පද්මකුමාර

එක කූඩුවක හුන් මයෙ පැටවුන් දෙන්නා සැම දින ඇමතුවත් හද සෙනෙහස පෙන්නා ගත දැවටුන සුවඳ නැති දිවි මග ඉන්නා දිය නැති වාලුකාවක තනි වූ වැන්නා අම්මගෙ ලය පලා එන කිරි බුන්නාට තියෙන හැම දෙයක් දුන්නෙත් දෙන්නාට අලුතෙන් කැදළි තැනුමට පිය මැන්නාට අහිතක් හිතෙන් නැහැ නෙත දිය පැන්නාට සවි බල ගිලී යයි නොදැනිම සිරුර කෙරෙන් මගෙ ළඟ ඉන්න නොකියමි කිසි දිනක සැරෙන් අවසන් හුස්ම පොද හෙලනා තැනක වැරෙන් දිය බිංදුවක් දෙන්නට නුඹ හනික වරෙන්
කවිය බලන්න