දැනුනා උණුහුමක් ගත් විට තුරුලු කර

දැනුනා උණුහුමක් ගත් විට තුරුලු කර

ගාමිණී සුරියආරච්චි ගිරාඳුරුකෝට්ටේ

බැතින් දෙව් මැදුර වෙත ගිය ඒ‌ දවස සිතින් සිහි කලෙත් සමිඳුන් ගුණ වෙසෙස පවින් සසර කළ වරදද උනෙ මෙදො‌ස ඉතින් සමිඳුනේ මට නිරයකි නිවස අඳුරු වළා පෙල අහසට නැගුනාද රුදුරු මර සෙනග රහසෙම ඇ‌දුනාද ගො‌දුරු වෙන්ට මො‌න වරදක් තරලාද නපුරු ගිනි ජාල වට කො‌ට දැවුනාද අඳුනාගන්ට බැරි තරමට මුහුණුවර තිබුණා දැවී දෙව් මැදුරේ අසල දො‌ර දැනුනා උණුහුමක් ගත් විට තුරුලු කර වැටුනා බිමට නැති විය ගත රැඳුනු වෙර වරදක් නො‌කළ කුහුඹුවෙකුට තරම් අනේ නපුරක් හිතක නැති මගෙ දරු පැටව් උනේ හෙණයක් හිස මතට දෙවියනි පාත් වුනේ මෙහෙමත් දුකක් සතෙකුටවත් නො‌වන් වනේ දාහක් හිතේ දුක් ගින්දර දරා ගෙන කාටත් හො‌රෙන් ඒ‌ කඳුලැලි වසා ගෙන ආ‌වත් නො‌ආ‌වත් එයි දැයි හිතා ගෙන තාමත් ඉන්නවා මග දෙස බලා ගෙන පාස්කු ප්‍රහාරයෙන් සිය බිරිඳ හා දරු දෙදෙනාද අහිමි වූ පියෙක් කාදිනල්තුමාට පැවසූ දුක් බර කතාවකින් කම්පිත වූ හදේ ලියවුනු කවියයි මේ.
කවිය බලන්න