සරුංගල් 

සරුංගල් 

ජයතිලක කම්මැල්ලවීර

පොඩි එකා දුවයි මිදුලේ ඒ  මේ අත දිවෙයි ඔහු පස්සෙන් පුංචිම පුංචි  සරුංගලයක් සීයා බලා සිටී පුංචි මුණුබුරා දෙස කියයි අතීත කතාවක් “අපි ඒ කාලේ සරුංගල් ඇරියේ ගමේ වෙල්යායේ අපි හැදුවේ අපට වඩා උස සරුංගල් ඒවා උඩ ගියා වලාකුළු ගාවට” වගක් නැත පොඩි එකාට දුවයි ඔහු ඒ මේ අත මහත් සතුටින් දිවෙයි ඔහු පස්සෙන් පුංචිම පුංචි  සරුංගලයක් වලාකුළු දකින්නට අහස බලන සීයා දකී බැස යන හිර
කවිය බලන්න