දුරස් වී ළඟින් 

දුරස් වී ළඟින් 

කුසලඥාන දෑරංගල එක්සත් ජනපදය

අර ඈත තියන තරුගොන්නයි නුඹට පේන්නේ අත පාන දිලෙන තරුවක්මයි ඇසේ දිලෙන්නේ තව ඈත සඳක් පායපු බව නුඹ නෑ දන්නේ නුඹ නෑ දන්නේ ... වැට කඩොළු බැඳන් නුඹ හිටියට ඈත කොදෙව්වේ නුඹ නෙළාගත්තු මලමයි හිත් කොනේ පිපෙන්නේ සඳ එළිය ඇවිත් හිස පිරිමැද පිදූවත් සෙනේ එහි සිහිලක් හෝ සුවයක් නෑ නුඹට වැටහුණේ නෑ නුඹට වැටහුණේ ... කවි සීපද ලියු පන්හිඳ‍‍ අද බොඳවෙලා ටිකක් ඉන් ලියවුණු කවි රස නැති බව දන්නවා මමත් ආදරයක රස විඳින විදිය දන්නෙ නැති නමුත් පද අතර බැඳුණු තාල අතර ඉන්නවා නුඹත් ඉන්නවා නුඹත් ...
කවිය බලන්න