අඳුරට එරෙහිව

අඳුරට එරෙහිව

නිලාර් එන්. කාසිම්

සිඳී ගිය පියාපත සවිමදි ද විඩාබර නෙතු දෑලෙ කඳුළැලි ද විහඟුනේ ඉසිඹුවට කල් වැඩිය පියාඹමු හිරු වඩින නිම් තෙර ට සිනාසෙන්නට සිටින දරුවන් ට සිනාවක් රැගෙන එමු පළදින් ට පියාපත් පිරිමදින තුරු නො ඉඳ පියාඹමු හිස සිඹින සිහිනය ට තටු සලන මුදු සිතැඟි ඇහැරෙන්න මං වසන කළු අඳුර බිඳලන්න රතු අහස විළිලාන එන විටෙක පිපෙන මල් කැකුළු පෙති සිපගන්න 'පැහැසර අරුණක' ගී පොත - 1999
කවිය බලන්න