විශ්වාසය රැවටුණිය රැයේ

විශ්වාසය රැවටුණිය රැයේ

ආචාර්ය ඥානතිලක හේවාගමගේ සිඩ්නි, ඕස්ට්‍රේලියාව

පුරහඳ කළුවර වුණා රත්තරන් - අපගේ දිවිමග සෑම දිනේ පරාදීසයක ඉසුරු නෙළන්නට - ඒකයි සමුගෙන පිටත් වුණේ ඇසෙ දිලිසී සිත පැටලුණු සලකුණු - මායාවන් දෝ අමාවකේ මහා සාගරේ පැද්දෙන කුටියක - කල ගෙවුණේ නොවිඳිනා දුකේ රැයක දවාලක වෙනසක් නෙත නැත - සිරගෙයකයි පණ නල රැඳුනේ නන්නත්තාරව ගොඩ බට බිම් කඩෙ - ඉරනම් ගමනෙද ඉම තිබුණේ සුඛිත මුදිත දිවි බලාපොරොත්තුවෙ - තෙරපුම නැත සිත අතැර ගියේ කර්ණ රසායන වදන් වැලක අග - විශ්වාසය රැවටුණිය රැයේ තනිවන ජීවිත නිහඬව ගිලලන - ආශාවන් හට ගොදුරු පෙනේ නිදිදෙවු සුව දුන් ඒ අසපුවමය - මැරි මැරි ඉපදෙන සෑය වුණේ
කවිය බලන්න