බෝසමිදු අභියස

බෝසමිදු අභියස

උපාලි අත්තනායක මහනුවර

තෙල් මල් පුදලා සුවද දුමින් සාදු හඩින් ගී මුමුනාලා දුක කීවා බෝසමිදුන් අභියස පිහිටපතා ජීවිත ගමනේ පැන් කලයෙන් බෝසමිදුන් නහවා හදේතියෙන දුක් නිවන්න පැතුවා බෝසමිදුන් හට දුක දැනිලා හිනැහෙනවා සිලි සිලි නාදෙන් සිසිල් සුලං රැලි හමා ඇවිත් සිත නිවුනා බෝසමිදුන් සෙවනේ තුනීවුනා දුක් දොම්නස් සැනෙකින් සහනය ගෙනදෙයි සිතට සැනින් අන් පිහිටක් නැත බුදුගුණ පමනයි නිවා ගන්න දුක් සංසාරේ
කවිය බලන්න