රහස

රහස

චාන්දනී ආර් වේරගල මීගොඩ

එකම මග අප ගමන් කළ බස් රියෙන් අතර මග නුඹ ලලිත ගමනින් බැස ගිය පසු එතෙක් මා නුඹට නොකියූ කතා සිතින් කොඳුරමින් ඉතිරි දුර ගියෙමි පෙනුමෙන් ද වයසින් ද සම වන එකම පාසලක උගනින දුර නොවූ ගම් දෙකක නිවසන නුඹ නොවෙද කුමරි මට ගැලපෙන නිමා කර ශිල්ප මේ ශාලිකාවෙන ලබා සරසවි වරම් ගුරුවර දයාවෙන සුබ අනාවකට මං පෙහෙලි සදාගෙන සිතම් නව ලොවක් ගැන නුඹට තනා දෙන ඉර සඳින් එළි උනා නිල් අහස පෙම් පහන් දැල්වුණා නුඹ පිණිස නිශාවෙහි නෙළුම් නොපිපෙන විලස තිඹිරි ගෙයි මියගියා ඒ රහස නිල තල ද යාන වාහන ඇති නගරයක සිරවුණා මිල මුදල් සොයන තරගයක ගම පැමිණි දා සොයා ආදරයක මතක පිපී තිබුණා නුඹ ඈත නිල් නිම්නයක
කවිය බලන්න