වෙසක්  සඳ

වෙසක් සඳ

ගමගේ ලයනල්

යහ කම් මිනිස් කම් මතුවන වෙසක් සඳ දන් සිල් භාවනා පැතිරෙන වෙසක් සඳ සනරාමර සමිඳු සමරන වෙසක් සඳ ගම රට එළිය වේ වැඩිය ම වෙසක් සඳ තුරු ලිය මලින් විසිතුරු වෙන වෙසක් සඳ සිරි පද වැඳ සිඹින පැහැබර වෙසක් සඳ ලොව්තුරු බුදු බණට ගැලපෙන වෙසක් සඳ හැම සඳකට ම වැඩියෙන් හොඳ වෙසක් සඳ සරල ව සැහැල්ලු ව හිනැහෙන වෙසක් සඳ සහජීවනය හා සාමයෙ වෙසක් සඳ කවි සිත පුබුදුවන නැළවෙන වෙසක් සඳ මට ඔබ සිටින තැන නිවනකි වෙසක් සඳ
කවිය බලන්න