මල් කතා

මල් කතා

මාලිනී හෑගොඩ USA

මල් ඇහැරිලා රොන් ඉතිරිලා එක එක මලින් ඇහෙනව එක එක කතා කන් යොමු කළා රස බස් ගුලා දෙසවන් පිරී ඉතිරී සුන්දර කතා ඒ අතර කෙඳිරිලී මේ ඇහෙන මැසිවිලී සමනල් රෑන් ඉගිලී මල් හැර ගියා බිඟු කැළ ඇවිත් පොරකා රොන් ගෙන ගියා මල් මිලින වීලා පෙති සළු ඉරීලා ඇතිරිලි එලාලා බිම වැතිරිලා තව කල් ගිහිල්ලා ඵල හට ගනීවී සියොතුන් ඇවිල්ලා ගී රස බෙදාවී මේ තාල හැමදා මේ ලොව තියේවී මල් මල් වසන්තේ ආයෙත් එබේවී! ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆොල්සම් නුවර දී 2023 අප්‍රේල් 7 දා
කවිය බලන්න