දරුවෝ

දරුවෝ

මාලිනී ගනේවත්ත

විඳි දුක් අනෝරා හදවත් අමෝරා දරුවන් නිසා යයි නිති කියවෙනා එනමුත් දරුන් අප නිවහනට ආවේ අප කළ නිසාමයි ආරාධනා දරුවන් අරන් ආ ඒ කිරි සිනා සතුටක් නොවේදෝ සිරිකත ගෙනා අප සිත් නළෝලා දරු කුසට ආ දා සන්තෝස ගඟුලේ අප නෑවුණා දරු කිරි උරා බිව් සංවේදනා නියුරෝන තුඩගේ සිට විසිරුණා බහ තෝර තෝරා පියවර ඔසෝලා දරු අපට දුන්නේ මල් මල් සිනා දරු ලොකු වෙලා දැන් විසිරී ගිහින් වෙන් වෙන් කැදැල්ලේ ඉටුවී පැතුම්
කවිය බලන්න