නූතන කුවන්නාගෙන් අසමි

නූතන කුවන්නාගෙන් අසමි

ටානියා එදිරිසිංහ

නා දල්ල වගේ නුඹේ තොල් පෙති ආලවක යක් මුවින් තැලුවද ? හංස යුවලක් වගේ දෙතනේ එරුණු රං කිරි බිමට වැටුනද? දිගු නීල නුඹේ පිරුණු වරලස අවුල් වී විහිරිලා තිබුනද ? අසරුවාගේ ගමන අවසන මොණර කොල සයනයට වැටුනද ? ඉක්බිතිව , ආලවක සුදු ඇදුම් ගත සරස ගත්තද ? මාලිගාවක් වගේ රථයක නැගී ඔහු ඉගීලී ගියාවද ? සුදු පැහැති නුඹේ වත මඩල මත තැලුම් කෑ රතු පුල්ලි තිබුනද ? බරැති සුසුමක දුකක් සිරකර කදුලු හොර රහසේම වැටුනා ද ? මලක් වගේ නුඹ පිපී එද්දී හොරුන් ඒ මල නෙලා ගත්තා ද ? නමක් නැති ලේ කලයක් නුබේ කුසේ හෙමි හෙමින් වැඩුනා ද ? කුවන්නා වගේ නුඹේ පරපුර නුඹව මහ මග තනිකලාවද ? උපන් කිරිකැටියා රකින්නට , නුබේ ගත සළු ලෙහී වැටුන ද ? (දූෂණයට ලක් වී දරු ගැබක් ලද ,ඒ සිදුවීම නිසා සිය නෑසියන් අහිමි වූ , ඉක්බිතව උපන් දරුවා රකින්නට අබිසරු ලියක් වූ , ඒ රූමත් නන්නාදුනනා සොයුරිය වෙනුවෙන් ලිව්වෙමි )
කවිය බලන්න