නින්ද

නින්ද

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

තට්ටු කර මා උරයට යහන වෙත මා රැගෙන යා යුතුම බව කියන්නීය, නින්ද කියවා නිමා කර පොතේ මේ පරිච්ජේදයත් ඈ සමග පැමිණෙන බව එවිට ඈට රිසි දේ ලැබෙන බව කියන්නෙමි ඇයට මම නොඉවසුම් ය ඇය කරදර කරමින් මට මගේ අවධානය ඉල්ලමිනි මගේ පොත් ගැන ඉරිසියාවෙන් විය යුතුය ඇය මගේ ඔසු තේ බඳුනට මත් බෙහෙතක් මුසු කර නින්ද මා නතුකර ගනී පාන්දර තුනට අවදි වෙමි ඈ යළිත් මා තනිකර ගොසිනි මා කියවමින් උන් පොත විසිකර දමා ඇත බිම විදුලි පහන නිවා දමන්නටවත් ඈ මහන්සිවී නැති හැටි! පරිවර්තනය - හෙල්මලී ගුණතිලක Translation of the poem ‘Sleep’ by Ed Werstein Link to the original poem - https://www.yourdailypoem.com/listpoem.jsp?poem_id=876 Poet’s bio- https://www.yourdailypoem.com Ed Werstein ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ වෙසෙන කවියෙකි. සාහිත්‍යයට සම්බන්ධ නැති විවිධ රැකියාවල යෙදී සිටි ඔහු කාව්‍යකරණයට යොමු වී ඇත්තේ හැට වෙනි වියේදී ය.
කවිය බලන්න