සකල  කලා  වල්ලභ  වී

සකල කලා වල්ලභ වී

කුරුණෑගල සේන මෙනේරිපිටිය

රැඟුමට උපන් ප්‍රතිභා ඇති නළුවා ය හෙළ ඉතිහාසෙ තොරතුරු දත් රුසියා ය පොඩි ලොකු සිනමාවෙ නිපැයුම් කරුවා ය හිත මිතුරන්ට ඔහු කොස්මල් පැණියා ය දන හැඟවුම් විදි දැනුමෙන් පොහොසත් ය බස නිවැරදි ලෙසට හසුරන වියතෙක් ය තුන් පිටකයේ සිඳු කිමිදුම් කරුවෙක් ය සකල කලා වල්ලභ වී උපනෙක් ය බොදු නාලිකාවෙන් හැඩරුව දුන්නේ ය බිරිඳට දරුවන්ට දෙවියෙක් වන්නේ ය අනතුර අසා හදවත ගිනි ගන්නේ ය රටකට වටින මොහු ජැක්සන් වන්නේ ය. සේන මෙනේරිපිටිය 2022/08/14
කවිය බලන්න