අප්පච්චී

අප්පච්චී

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

උපතින් ලද මහා ගොඩ මඩ යාය හැරදා දරුවන් හදන්නට හොඳම තැන යයි සිතා කාසි පණමට ගත් බිම් කඩක කොටු වෙලා අපමණ දුක් විඳි හැටි මතකයි මට අප්පච්චී...! පිට දැවුණු කබායන් ගෙවී ගිය මිරිවැඩිය ඔබ වින්ද දුක් දකින කැඩපතක් උනා මට සරසවි වරම් ලැබුමට මග පෑදුවමුත් ලෝගුව දාගත් මගෙ රුව දකින්ට මේ මිහිපිට නම් ඔබ සිටියේ නැත අප්පච්චී...! ඔබ නොදුටුව ඒ සුන්දර ලෝකයෙ දොරටු විවර කර දුන්නා ඔබ මට අහිමි උනත් ඔබෙ සෙනෙහස අද මට ඔබ මැව් ලෝකයෙ රැජිනකි අද මා අප්පච්චී....! ඔබ කල මෙහෙයට බැති පුද දෙන්නට මා ගොතනා පදවැල් නොම සෑහේ දොහොත් මුදුන් දීලා මම බැතියෙන් ඔබ ගුණ සමරමි නිරන්තරේ මගෙ අප්පච්චී......!!!
කවිය බලන්න