කිරි වලින් අඳිනවිට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුව වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ

කිරි වලින් අඳිනවිට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුව වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ

උපාලි වීරසිංහ

ලස්සනයි මම් ගොඩක් අනේ මිස් ඉස්සර පස්සෙමයි කොලු ගැටව් මතක නෑ කොචිචර සත්තමයි දන්නෙ මම් එකාගෙයි විස්තර ඔහු තමයි මම් මැරුවෙ නොමරාම මෙච්චර _______________________________ නැවතිලා මගෙ හිතත් ඒ සෙනෙ අද්දර ⁣ළංවුනා මහ හුගක් දන්නෙ මම් විස්තර ⁣සිහිසුන්ව වැටිල මම් දිනක් අද්දර මගෙ අම්ම බයවෙලා කිව්දේය දොස්තර _______________________________ කිව්වාම ඔහුට මම් වෙලා බව ගැබ්බර එක්කගෙන ගියානෙ දුර ගමක පිටිසර එතකොටයි දන්නෙ මම් එතන වෙන විස්තර දරුපැටව් මියෙනවා අඬුවලින් පොඩිකර _______________________________ කිව්වාට බෑ කියා කෑ ගසා කොචිචර ගත්තානෙ ඇඳටමන් උන් සැවොම හිරකර ගැහුවාම ලඟ තිබුන බෝතලෙන් විසිකර වැටුනානෙ මියදිලා අඬුගත්තු දොස්තර _______________________________ තිබ්බාට මං ඉතින් උළු ගෙදර හිරකර හැදුනානෙ පොඩි එකා උහුලමින් ගින්දර වැදුවාට දින හතයි කිරි දුන්නෙ ළංකර දැම්මානෙ මේ ලෙසට කූඩුවට සිරකර _______________________________ දවසකට පැය දෙකක්ඇද්ද කිරි මගෙ පුතේ උනන කිරි ගලනවා පහලටම ළැම දිගේ කිරි වලින් අඳින විට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුත් වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ.........
කවිය බලන්න