බිය

බිය

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

බිය සයුරකට මුහුවෙන්න පෙරාතුව ගඟක් බියෙන් වෙව්ලන බව කියැවේ කඳු මුදුන්වල සිට දිගු වංගු මාවත් ඔස්සේ වනාන්තරද ගම්මානද පසුකර ආ පසු හැරී බලන්නීය ඈ මෙතෙක් ආ මඟ දෙස ඇයට ඉදිරියෙන් නිමක් නැති සමුදුර ඊට ඇතුළු වීමම සදාකාලිකව අතුරුදන් වීමකි එහෙත් අන් මඟක් නැත ගඟකට ආපසු යනු නොහැක කිසිවෙකුට ආපිට යනු නොහැක එසේ යෑම පැවැත්මට පටහැනිය සයුරට ඇතුළුවීමේ අවදානම ගඟ දැරිය යුතුමය බිය වියැකෙන්නේ එලෙසයි එවිට ගඟ දැනගනු ඇත මෙය සයුර තුළ අතුරුදන් වීමක් නොව තමන් සයුර බවට පත්වීමක් බව Fear by Kahlil Gibran පරිවර්තනය හෙල්මලී ගුණතිලක Link to the original poem- http://yourdailypoem.com/listpoem.jsp?poem_id=3608 Khalil Gibran 1883දී ලෙබනන් හි උපත ලැබූ අතර ඉන් දෙවසරකට පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ ඇමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයට සංක්‍රමණය වූයේය. ඉංග්‍රීසි සහ අරාබි යන භාෂා ද්වයෙන්ම නිර්මාණකරණයෙහි යෙදුණු Gibran චිත්‍ර ශිල්පියෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලුවේය. 48 වන වියේදී ඔහු මිය යද්දී ඔහුගේ නිර්මාණ ලොව පුරා ප්‍රසිද්ධව පැවතුණු අතර අදටත් ඒවා භාෂා රැසකින් රස විඳීමට පුළුවන. Poet’s Photo- Goodreads Poet’s Bio- poetryfoundation.org Copyright free photo of estuary from- Pixabay
කවිය බලන්න