අම්මා ගැන සිහිවටනයක්

අම්මා ගැන සිහිවටනයක්

මාලිනී වික්‍රමනායක කොළඹ

වෙල්යායක කොනක ඇති එලවලු කොටුවේ මුත්තා වැඩ කරන බව අම්මා දුටුවේ හනිකට ඇවිත් උණු උණු ආප්පත් හැදුවේ ඒ ටික අරන් යන්නට මට අණ කෙරුවේ නියරේ දෙපැත්තම වී කරලින් වැහිලා පින්නට මගේ ගවුමත් හොඳටම තෙමිලා මුත්තට දුන් ආප්ප ද පසෙකින් තියලා දුන්නා පලා එලවලු මිටියක් බැඳලා වැටි වැටි නොවැටි නියරෙන් වේගෙන් ඇවිදින් අම්මට දුන්නු එලවලු ගත්තේ සතුටින් අසමින් මුත්තගේ වගතුග පිය සෙනෙහෙන් රසකර අපට උයලා දුන්නා මොහොතින්
කවිය බලන්න