විරහ වේදනාව

විරහ වේදනාව

සඳ නැති රැයක තරුමල් යුවලක් - අහස ලාවට එලිය කරයි රළු මහ සයුර එකම කාලගෝට්ටියකි - බිහිසුන් හඬ බියකරුයි ම‍ගේ තනිකම රකින පැල්පතේ නිහඬ බව - රළ හඬ බිඳ දමයි වෙරළේ සක්මන් කරන මා - ඔබ සයුර මැද දිවි සටනේ මිලාන වී ගිය දෑස් පිසදමමින් සයුර දෙසබලා සිටින මට ඈත සිතිජයේ කණුවක් වැන්නනක් ඒ මේ අත දිස් වෙයි ඒ ඔබව රැගෙන එන ඔරුවද - මා වෙත ටිකටික ලංවෙන්නේ නැත හිමියනි ඒ ඔබ නොවේ - ඔබට අනතුරක් වත් වීද සති මාස ගතුඋනා - තව කෙතෙක් ඉවසම්ද දෙවියනි වැළඳ ගත්තාද දිය රකුසා මගේ රන් කඳව දිරාපත්ව වියලී වැහැරී ගිය මගේ ගත වෙරළට ඇදෙන සැඩ රළ පහර සමග එන්නෙමි - ඔබ වෙතට
කවිය බලන්න