සතුට

සතුට

නිකෙලෙස් තවුස් උතුමෝ, හිඳිති කඳු මුදුන, ගල් තලාව මත, දැඩි සීතල රැයේ, නිරුවතින්. එදින පෙරයම, සොරු පිවිසියේ ගල් කුලට, සුදුසු අවසරය දැක, තවුසා පිටව ගිය කල කුටියෙන්, සඟවා ඇතැයි වටිනා යමක්, එය සොරා ගැනුමට. ‘කෙළෙසින් ද කිසිවෙක්, බොහෝ සම්පත් දැරූ, සියලු දේ දන් දෙනුයේ, පැවදි වීම උදෙසා වත් ?’ තවුසා පිවිසියේ කුටියට, තමන් කිස නිම කොට. හොරා තවමත් සිටියි, සොයමින් වස්තුව, කිසිවක් සොයා ගත නොහැකිව, හිස් කුටිය තුල. කලබල වී සොරා, පැන යා ගත නොහී. ‘තවුසා නමි නිසැකව, දඞුවම් දෙනු ඇත කළ වරදට. තවුස් දම් පිරුවද දැන්, මහ තෙදැතයෙකි ඔහු පෙර’. තවුසානෝ සිතන්නෝ, ‘මේ දිළිඳු මිනිසා, මා සොයා පැමිණියේ, මගෙන් පිහිටක් පතා. සොරකු වුවද ඔහු, කෙසේද යන්නට දෙන්නේ, හිස් අතින්, නොදී කිසිවක් ?’ දෙන්නට කිසිත් නැති තැන, උනා දන් දුන්නේය ඇඳි සළුව. සත් පුරුෂයානෝ, හිඳී ගල් කුල මත නිරුවතින්. පුරා සඳ මතු වූයේ, හාත් පස එකළු කරමින්, පරිසරය නහවමින් සඳ කැළුමින්. ‘කෙතරම් පොහොසත් ද මා, වස්තුව කිසිත් නැති වුව ? මහාර්ඝ වස්තුව නම්, සිතේ සතුටම වන්නේ. අනේෟ ඒ සොරු හට, දෙන්නට හැකි වුනා නම් මට, මා සතු ඒ මහා වස්තුව, දන් දෙමි මම සතුට, නිසැකවම මතු දිනයක’.
කවිය බලන්න