අතරමං නොවනු මැන

අතරමං නොවනු මැන

හොඳින් එළි පෙහෙලි කළ කටු පඳුරු ගල් බොරළු කිසිත් නැති මාවතේ හිතේ හැටියට නුඹට දැන් ඉතිං යා හැකිය අතර මග සල් පිල් ද සැණකෙළි ද බොහෝ ඇත පුච්චානම් දොඩන වෙළඳුන් ද අඩු නැතිව සිත් සතන් සතපමින් බොහෝ දුර ගිය පසු ද නවාතැන් පොළක් තව හමු උනේ නැති උනොත්, ගිය පාර මතක නම් නැවත ආපසු එන්න තැළුම් ඉදිමුම් නිවන හුදෙකලා වෙද මැදුර තවම ඇත අවදියෙන්
කවිය බලන්න