සොබා දම , කිම කුරිරු මෙතරම්?

සොබා දම , කිම කුරිරු මෙතරම්?

සුනිලා විජේසිංහ

අහස ගුගුරා- පොළොව වෙවුලා උසම උස කඳු කඩන් වැටුණෙත් බැතින ඒ කඳු සිරස නමැදූ අහිංසක හිස් මතටමැයි.... වැටෙන වැහි පොද-තරග වැද වැද අකරුණාවෙන් තලා දමමින... වියරු වැටි වැටි පහර දුන්නෙ ද සුමුදු මල් පෙති වලටමැයි... මුහුදු රළ පෙළ පෙරලි පෙරලී වෙරළ වැළැඳ ම රැඳෙනු රිසි වුව යළි හැරී යා යුතු ම වෙයි... සිඳු යළිදු රළ ගිල ගනියි... කුසෙහි කලලය පෙමෙන් වඩමින දූ පුතුන් තුම් රජුන් කරවා දුක ම වළඳා කඳුළු බොන්නෙ ද අනේ, අම්මාවරුන්මැයි...!
කවිය බලන්න