අමුතු එකෙක් ~

අමුතු එකෙක් ~

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

ඇයි මේ පවුඩර් උලාගෙන බලාපන්කෝ හැටි, තොලුත් රතු කරගෙන ! කොහේද යන්නේ මේ හදිස්සියේම ? "ගමන ජීවිතය යන්නෙ දිනන්න" අමුතුම උත්තරයක් ! එකක් ගත්ත උඹ ඇයි ගන්නෙ අද දෙකක් ? පේන්නේ එක වගේ හැබැයි ටිකක් වෙනස් ! "අඳින්නනෙ ගොනෝ කන්න නෙවෙයි මට දෙකක් ! උදව් කරපං තෝරගන්න මට එකක් !" දාගෙන ඇවිදින් සපත්තු දෙකක්, යන්නෙ ඇයි උසින් තවත් අඩියක් ? ටිකක් අමුතුම තමයි හැබැයි, උහුත් අපේම එකෙක් ! උහුත් මිනිහෙක්නේ, ඉතින් ඇයි උහුට වෙනසක් ? තවත් ප්‍රශ්නයක් ? එපා තියන්න, මගෙ කවියට තිතක්...!
කවිය බලන්න