ප්‍රේමාවංශය

ප්‍රේමාවංශය

සචී ජයවර්ධන

ශිලා ලිපියක ලියා ආදරේ වැහිදාර පන්හිඳෙන් තිත් තැබූ ජීවිතේ පුස්කොළය හෙමි හෙමින් පිදුවාට සංසාර ජාතකය මං ගාව ඇන්ඳේම කටුගෑව පින්තාර කළුවරට අත තියා මල්වරට වර දුන්න නුඹ ඇවිත් කෙඳිරුවේ හිම මිදෙන ආදරය හීතලේ හිරි වැටී දෙතොල් පෙති ගල් වෙච්ච දියවෙන්න ඉඩ දෙන්න උණුසුම්ව සුසුමක්ව මන්දාරමේ උන්නු නුඹ මගේ පාන්දර ඉර මුදුන් ගිනියමින් අළු කරන අපූරුව නුඹෙ සුවඳ වත්කරන රැලි නැගෙන දුමාරය හිනැහෙමින් දැවී යමි නුඹයි මගෙ පාන්දර
කවිය බලන්න