2022 ඔක්තොම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 ඔක්තොම්බර් කලාපය

හොරුන්ටයි හොර ඇඹනියන්ටයි ගුණයි එලවළු චිකන් තම්බා බේබිහාමුට තෙලෙන් බැදලා සොසේජස් සහ කීරිසම්බා අන්ත අසරණයන් ගෙ කුසගිනි මතින් වාසිය හොයන එම්බා දීන දොස්තර නුඹේ පැටවුන් කයි ද තුන්වේලම කුරුම්බා

– වෛද්‍ය ජනක මාරපන

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

කවි 10ට ගී දහයක් – අනුර හෑගොඩ

කුරුම්බා මද සහ කළටි දොස්තර

කුරුම්බා මද සහ කළටි දොස්තර

හොරුන්ටයි හොර ඇඹනියන්ටයි ගුණයි එලවළු චිකන් තම්බා බේබිහාමුට තෙලෙන් බැදලා සොසේජස් සහ කීරිසම්බා අන්ත අසරණයන් ගෙ කුසගිනි මතින් වාසිය හොයන එම්බා දීන දොස්තර නුඹේ පැටවුන් කයි ද තුන්වේලම කුරුම්බා කලන්තේ යනු හිසට ලේ යන ඉතා වටිනා ඇද වැටීමක් කුරුම්බා යනු තව්තිසාවට ටිකක් පහලින් හැදෙන කෑමක් වේල දෙක කුසගිනි දැරීමත් බුදුරජුන් ගේ ඉගැන්වීමක් පට්ට ගොනෙකුට වෙද නලාවක් පැලඳවීමත් සුපිරි නෑමක්
කවිය බලන්න
නෙලුම් කුලුණ පාමුල සිට

නෙලුම් කුලුණ පාමුල සිට

අශෝක හඳගම

බේරේ වැව අද්දරින් ඉහල අහසට නැගුනු සංවර්ධනයේ පුරුෂ ලිංගය බදාගන අඬනවා ඉකිබිඳ කාලෙකට ඉස්සර කන්‍යා භාවය සිඳගත් කොළඹ අහස. සිංහාසනෙන් බැස යන මහරජු ගේ දුක්බර විලාසය දැක. සුරතාන්තයට පෙර මැලවුනු ආසියාවේ ආඩම්බරය ! බලා සිටියා දුකින් ඇදෙන විට දකුණු දිග්බාගෙට කිරුල, කඩු කස්තාන ගිලිහුණ රජු රැගත් දඬුමොනරය. හාත් පස පැතිරුණු නොහොඹිනා නිසංසල කම ජයග්‍රහණයකැයි කියන්නේ කෙලෙස පරාජිතයින් ගේ ලෙයින් බේරේ වැව රතු වුනේ නැති කොට රජු පැරදුනා තමයි කලගුණ නොදත්, බහුතරේ සුළුතරය ට සුළුතරේ බහුතරය අධෝභාගය පෑ නිසා නොමිලේ ම වලා කන්‍යා පටල ඉරාගන අහස විනිවිද ඉහල නැගි ලිඟු හකුලන නෂ්ටකාමයේ කතිරෙන් රජු න් පලවා හැර තෙපි අහිමි කරගත්තේ කැමැත්තෙන් සංවර්ධනයේ සුරතාන්තයයි සුරතාන්තයේ ප්‍රමෝදයයි " කිමද විප්ලවයකින් ඇති සරණය නැතොත් පොදුවේ බෙදා රමණය " 'සාද්' ඇහුවා මතකද (ප්‍රංශ වැසියන් ගෙන් නෙවෙයි.) සංවර්ධනයට සින්න වුනු ජෝන් ද සිල්වා රඟහලේ දී තොපෙන් යටගිය දවසක. හිතට එන දේ බිනින්න ට ලියන්නට, සිතුවමට නගනට නිදහසක් කුමකට ද තෙපි හට සොරා ගෙන ඇති බැවින් දැනටම විප්ලවේ රතු පාට සිහිනය. නිදි වදින විට පවා ඉඳ හිට රජු බලා සිටී නම් නේද හොඳ? ගිගුම් දෙන්නට බලාගන පුපුරා පුපුරා සිටිය අහසට කෝචෝක් සිනා පාමින් ෆෙලිකන් කුරුල්ලෙකු වැසුවා පිපෙන්නට පමාවන නෙලුම් කුලුනේ පොහොට්ටුව මත ජනවාරි 2015
කවිය බලන්න
එතනා ......

එතනා ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මංකඩ ලග වලිකුකුලන් පේලි සැදීලා නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා කළු කුමාරයත් ඉතින් නාහෙට නාහන හින්දා පරිස්සමෙන් ගෙදර යමන් මගේම එතනා ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා ඉදිච්ච මාදන් ගෙඩි ඔක්කොම හැංගිලා උන්නා හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා පුර පෝය හදක් පායනකම් බලාන උන්නා කැකිරි හිනා හඩ අස්සේ මුණ ගස්සලා තොවිල් පලේ විරාමයේ ඔබෙ බහ ලැබුණා කරේ තියාගෙන බෙරයක් මං එන හන්දා මාමණ්ඩි මට මනාප වේවිද මන්දා
කවිය බලන්න
සෙත් කවි වුණේ මාපිය හෙළ බැල්මෙන්

සෙත් කවි වුණේ මාපිය හෙළ බැල්මෙන්

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

රැකුණේ කැණිමඩල මවිපිය සෙනෙහස හන්දා සැනසුම ගෙන ආවෙ නිවසේ බුදුවරු දෙන්නා සෙනෙහස පිරුණු හදවත දරුවන් රන්දා සමනළ කන්ද වූවා දරණ සිවු මහ ගංගා වඩින්නත් කළින් හිරු දෙවි අප ලොවට නිමවී සිනාසෙයි කළ දවසේ මෙහෙය කුස පුරවන පිළිසිඳ ගත් දා සිටය දෙනෙතට ගලාඑන්නේ හද පිරි සෙනෙහස කැටය ඇත්නම් බඳුන් පුරවා හැද රසැති බොජුන් ගලා බසියි උතුරා ගෙණ සතුට හදින් ග්‍රහ දොස් අපල උවදුරු දොම්නස් ආවොත් සෙත්කවි වුණේ මාපිය හෙළනා බැමන් අමර ගුණසේකර ප්‍රංශයේMurne la Valee ප්‍රදේශයේ
කවිය බලන්න
ඔබ ගිහිං

ඔබ ගිහිං

අශෝක හඳගම

ඔබ දුර ගිහින් මට කවරදාවත් ලං වෙන්න බැරි ඈත දුරකට ඔබ ගිහිං රෑ පුරා මගෙ මුවේ දැවටුණු සුවඳ තැවරුණු හුස්ම පොද ඔබෙ අරං ඈතක ඔබ ගිහිං එකම සයනක ලඟින් සිටියත් ඈත දුරකට ඔබ ගිහිං මට කවරදාවත් ලං වෙන්න බැරි ඈත දුරකට ඔබ ගිහිං එකම හීනය බෙදාගන සිටි ඒ දවස් මතකයට මුහු කොට යලිත් නොඑනට ඔබ ගිහිං මතක පමණක් මට උරුම කර ඈත දුරකට ඔබ ගිහින් මට කවරදාවත් ලං වෙන්න බැරි ඈත දුරකට ඔබ ගිහිං Asoka Handagama
කවිය බලන්න
ටක්කෙටම සඳ නුඹයි

ටක්කෙටම සඳ නුඹයි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කප්පරක් අඳුරු තැන් වසන්නට රෑ කාලෙ ඉස්තරම් ආභරණ පලඳ හැඩ කර මාලෙ එක්කරන් ආව දින සිට වෙනස් උන තාලෙ සත්තමයි සඳ වගෙයි ටක්කෙටම නුඹ ආලෙ හඳ පලුව බිම බලන් වැඩිම කාලය දවසෙ අඳ පාළු අමාවක ඇය නිවස නැති සවසෙ විඳ සෙනෙහෙ ලං වෙමින් සුපුන් සඳමය රහසෙ බැඳ ගත්තෙ සඳ තමයි ටක්කෙටම මම අහසෙ
කවිය බලන්න
මෙත් බෝසතුන් සසුනට බැඳි වප් මහ පෝය

මෙත් බෝසතුන් සසුනට බැඳි වප් මහ පෝය

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සම්බුදු සමිඳු ගෞතම අපෙ තිලොවග මුනිඳු දෙව්රජු මව්ට දෙසු දම් තව්තිස් පුරසුරිඳු නිමකර යළිඳු සංකස්සය පුර පසිඳු වැඩි පොහෝ දිනයි දිදුලන වප් පුර තරිඳු ඇසළමහේ පසලොස්වක පොහොය දිනේ පෙරවස් විසූ අප බොදු මහ සඟරුවනේ වස්තුන්මාසේ නිමවා සිල්රැක නිතිනේ පෙහෙවස් පවාරයි වප්පුර පොහොය දිනේ දිගුකල් රකිනුවස් පිවිතුරු බුදු දහම නිසිකල් බලාගෙන පෑතිස් නිරිඳු තුම කරමින් සංඝායනා විනයද මෙබිම රැව්දුන් දිනත් වූයේ වප් පොහො දිනම මෙත් බෝසතුන් මතු බුදුවන ලොව්තුරා පන්සියයක් සිය සගයින් පිරිවරා සිත්සතොසින් පැවිදිව කහ සිවුරුදරා වප් පුර පොහෝ දිනකයි බැඳුනේ සසුන කරා Not Published
කවිය බලන්න
විනිසුරන්ට...

විනිසුරන්ට...

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

හිතුවෙි නෑ කවදාම පොතක් කවි කරන්න මෙිවාද? කවි කියා කියවලම බලන්න නිර්දේශ වුනොත් මට පණිවිඩය කියන්න සම්මාන මට එපා මිතුරෙක්ට පුදන්න
කවිය බලන්න
සුචිත්තයෙන්

සුචිත්තයෙන්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

කඳුළු බිංදු සළා සිතේ දැවෙන ගින්න නිසා බඳුන පුරවලා කුමටද වතේ ඇඳේ වළා බිඳුන පිරුන සතුටු ගඟුල ගලයි සිරුර පුරා රැඳුන පැතුම් මුදා හරිමු සුචිත්තයෙන් පිනා දෝත පුරා පිරී ගියත් රනින් තැනුන පියුම් වීත රාග පිනා ගියත් කැලති කැලති දසුන් ඈත ඈත ඉඳන් ඇවිත් ඈත නැවත බලන් ස්වේත වලා පාවී යති නුඹේ හිසට උඩින් වියළි පුළුන් කැටිය ලෙසට දිවි කතරම ගෙවන් ගසක සැළෙන පත් අතරේ සිසිලෙ ගිමන් හරින් සුළඟෙ වැටෙන සුබොජුන් මත කුසේ ගින්න නිවන් පිරුණු සිතක සැහැල්ලුවෙන් ඈතට ඉගිලියන් හීන පේන රෑ නින්දේ කටු ඇනේවි ඇසේ රෑන ගිරා ගීත අසා සනසාපන් විසේ මාන පිරුන රන් තලියම පුරවා සිත් දොසේ හීන නොපෙනෙනා මනු සිත ගඟුලකි නිදහසේ
කවිය බලන්න
Our Queen so Serene

Our Queen so Serene

වෛද්‍ය ඈන් පෙරේරා නවසීලන්තය

I have always admired your majestic look And bought and read every Royal book Hoping that some day I will reach every nook And stay connected whatever it took. Nineteen twenty-six was when I was born And felt so special though I was in Ceylon Became a Royal Watcher and followed every song Of the Royal Family, whether they were short or very long. Your dear Queen Mother was a mentor for me I followed her every step and admired what she did As a mother and a Queen with your father who was King And after your Coronation, as the mother of the Queen. May you live long as our Queen so Serene With your family and friends, may joy they will bring As time goes by may we continue to sing Praises and honour to you as our Queen … May you live long, as our Queen so Serene… Composed by Dr Anne Perera as written by Mrs. Gertrude Weerakoon, who celebrated her 80 th Birthday on 7th January 2006 and who requested Anne to write a poem to send to Her Majesty Queen Elizabeth II. 2006
කවිය බලන්න
මමයි මන්ද්‍රි දේවී

මමයි මන්ද්‍රි දේවී

ආරියරත්න ජයසිංහ මහරගම

මගේ බිළිඳුන් දන් දුනිමි මම අතීතේ එක් අඳුරු දවසක දිළිඳු වෙසතුරු රජුගෙ කීමට ජූජක බමුණාට නම් නොව බැමිණියට දුරු රටක සිට ආ මෙහෙකාරකමට නොව හදා ගන්නට දරුකමට. පාරමී දම් පුරන්නට නොව අනෙක් පැටවුන්ගෙ දිවි රැකුමට. විසි වසරකට පසු නව යොවුන් ඔබ පැමිණ වැදූ මව සොයාගෙන හැදූ මව සමගින තෑගි කහවණු රැගෙන නුහුරු නුපුරුදු දේශයකට නාඳුනන මවක් දැකුමට ඇත්තෙන්ම කවුරුන්ද ඔබ මගේ ඇත්තෙන්ම කවුරුන්ද මා ඔබේ මව් සෙනේ බෙදී ගිය තැන පුපුරු ගසමින් යළිත් මතුවේ එදා හද තුල ඇවිලි ගිනි දැල්.
කවිය බලන්න
The Day Before  the Reality

The Day Before the Reality

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

After a day full of music dancing wining and dinning lots of wishing and uttered nonesense Curtain came down. The couple whisked away To the expected privacy locked behind the door. No intruders are welcome. Now They are to themselves looking into each other's eyes trying to discern the craving for carnal indulgence. hidden deep , bottled up Animal is waking inside the body breaking the shckles uncontrolably. This is the waited moment all this time yearning for , Freedom uninhibitted There have been mometary pleasure stolen when the world was looking the other way added more fuel to the fire. Never had an opportunity to release the unchained carnal desire like this Oh beautiful Life is worth living for Inner self is flying away With the buttrflies. eternal bliss is like a light at the distant horizon. Two bodies on fire are drifting towards it embraced. Contrasting minds are sucking the moonlit night through the split of the window curtain. Everything outside is glistening bathed in gold cascading from the heavens This dream lasts until the daybreak only Tired bodies wake up lazily after a hectic night tickled by the silvery shaft Creeping through the curtain slit The life is waiting out side the locked door Stark naked To receive them to the Reality. 15-12-2021 Wedding is like a blissful dream realised after meticulous planning. Expectation is for this bliss to last ever after. Wake up call is scheduled to come from the following day itself. Life thereafter is known to those who have gone through it but rarely anybody comes out with the real facts.
කවිය බලන්න
ඇය ද නදියකි

ඇය ද නදියකි

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

කිඹුලන්ට හිතු මතේ ඔබ මොබ පීනන්න ගං ඉවුරෙ සැතපිලා හිරු රැසින් නෑවෙන්න පතුලටම කිමිදිලා ජීවිතේ විඳගන්න නිල්වලා ගඟ වගේ අඩු නැතුව ඉඩ දූන්න ඉහල පොද වැස්සටත් පහල දෝරේ ගලල කෙසෙල් කොට පාරු උඩ පැද යන්න පුරුදුකල නොගැඹුරු ගංවතුරෙ කිමිදෙන්න ඉඩ දුන්න බොළඳ කුතුහලය හළ දඟකාර ගිං නදිය කැරකි කැරකී කඳු වලල්ලේ එති එතී ගල් කුළු වටා පළුදු රළු ගති ගෙවා දමමින් හැඩ කලා කඩතොළු මකා නොබා හඹා ගිරි හෙල් කඳු වැටි නිම්න වෙහෙස නිමා විය හමු වූ පසු තැන්න උනා දුහුලැඳුම් කැත කුණු කිලි වැකුණ පහන් සිතින් ඇඟ ලා සළු පිළි ධවල නසා මෝහය නිවා දාහය ශ්‍රෝතයෙන් වීරිය වඩා දානයේ පාරමී පිරුවා බෙදා කරුණා ගුණ දයා ගලා යන්නී නිසසලව ඈ සසර සයුරේ ඉම සොයා සපථ කරමින් පුළුල් නදියක නිහඬ පරිනත ගති සොබා
කවිය බලන්න
කොළඹ යුගයේ සිත් ගත් කවි - අකුරට යනවයි කියලා

කොළඹ යුගයේ සිත් ගත් කවි - අකුරට යනවයි කියලා

අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම් ගිහින් කියල - මේ බැද්දෙදි අල්ලල දෙන්නම් පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි සිළිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම් ගිහින් කියල - පොඩි නැන්දට අල්ලල දෙන්නම් ඉඳුණු කරඹ ගොඩාරියක් මගේ ඔඩොක්කුවෙ තියෙනව ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම් පුරවල දී - තව මදි නම් හිඹුටුත් දෙන්නම් සිළිඳුට ගීපද කියන්න කුරුල්ලන්ට මළ තියන්න ලොකු වුණාම මේ බැද්දෙම හේන් කොටන්නම් හේන් කොටල - අපි දෙන්නට පැලක් හදන්නම් මාළු ඇඹුල් තියල් කරල පොල් සම්බල් රසට හදල ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම් කවන ගමන් - මමත් කවන තරමක් කන්නම් හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුණම ඒ ළඟ ගල් පොත්තක් උඩ වාඩි කරන්නම් වාඩි කරල - ලඟින් ඉඳන් නළා පිඹින්නම් ගමේ ළමිස්සියන් එක්ක විලට ගිහින් පන් උගුලල රටා පුරල මෝවිටි ලා පැදුරු වියන්නම් පැදුරු වියල - ඒකෙ ඉඳන් පංචි දමන්නම් කළුවර ඇති වැහි දවසක මහ රෑ ඇඳ ළඟින් ඉඳන් පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම් කතා කියල - බය ඇරෙන්න විහිළු කරන්නම්
කවිය බලන්න
තාත්තා නිදි ඇතී

තාත්තා නිදි ඇතී

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදී රෝස කුසුමක් නෙළන් මවක ආයෙම වඩී මායිමේ ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිදී පියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට පනී වෙහෙස අග සියොතුන්ද කැදැල්ලක සුව විඳී මහ රැයෙත් දහදියට සඳත් සුසුමන් පිඹී වැඩ පලේ නිඳි නැතිව තාත්තා වැඩ ඇතී මගුල්දා පෝරුවට යන දුවක අත රැඳී කටුව වී නටුව මත මල රැකපු අත ඇතී හදවතම කඩා තව අතක දවටන හැටී කියා දුන් ඒ ඇසට කඳුළෙ හිමිකම නැතී නිමක් නැති අහස් කුස හුදකලා තරු ඇති දැවී ගිය මුත් පොරණ අදද එළි විහිදතී වැඩ නිසා අතපසුව ගියත් මතකෙන් මිදී කොහේ හෝ බිම් කඩක තාත්තා නිදි ඇතී
කවිය බලන්න
COVID (ලොක්ඩවුන්) නිවාඩුව

COVID (ලොක්ඩවුන්) නිවාඩුව

ධම්මික ජයවර්ධන

" නාලිනී එන්න මල් පිපීදැයි බලන්න ..." විහිලු එපා බන්දු මේ COVID නිවාඩුව මිටක් දැම්මද ඔයා උදැල්ලට රේක්කෙ නම් හොඳටම දිරල අල්ලපු ගෙද‍ර අන්කල් දුන්න බණ්ඩක්ක ඇට ටිකක් මටනම් බයත් හිතෙනවා බන්දු වය්රස් තියෙයිද දන්නෙ නෑ කෝකටත් තියන්න ඕනෙ කොරෝන්ටින් වෙන්න ඇහැරවන්න එපා, පුතාව ඇති යාන්තම් කොල්ලට ලැබුන නිවාඩුවක් වැකේෂන්එකටත් පංති හොඳ වැඩෙ, ටියුෂන් කාරයන්ට ඔයා දන්නවද අද උදේ, වෑන් අංකල් ගත්තනේ කෝල්එකක් මට එයාට ලීසිං ගෙවන්න බැරිලු වෑන් ෆීස්එකෙන් බාගයක්වත් දාන්නලු බැංකුවට පිස්සු අනේ, මිනිහට කොහෙතියෙන සල්ලියක්ද පඩියෙනුත් භාගයක්ම කපල මං දන්නෙ නෑ බන්දු බණ්ඩක්ක වැවෙයිද කියල මේ හුන්ඩුව ඇතුලෙ ගොලුබෙලි සේනාවකුත් එක්ක ගමේ හිටියනම් හදන්න තිබුණ හොඳ පාත්තියක් ඔයා දන්නවද බන්දු තාත්ත අන්න ලියල ඕවිට කෑල්ලම, අය්යාගේ නමට තාත්තට චාටු වෙලාද කොහෙද මායාකාර ගෑණි මම දැනගත්ත බැදෙනකොටම පවුලට බන්දු ඔයා තාමත් TV එක ළගද බලන්න ඔය ඈතින් ඇහෙන්නේ ග්‍රෝසරි බඩු වෑන්එකද කොහෙද ඉක්මනට එන්න මාස් එකකුත් දාගෙනම 2020 ජූලි 13 දින
කවිය බලන්න
පසු තැවීම

පසු තැවීම

දිල්රුක්ෂි ගුණතිලක

සඳ මඩල ඔබ උදුල මඩ පොලව මම පහල කඩ ඉරට ඉඩ හැදුව මම සසල - ඔබ නිසල සදා කල් වෙන පරළ විදාගෙන නිල් මුහුල සයුර මම ඔබ වෙරල මම සසල ඔබ නිසල වලා පෙල මැද තුමුල නුඹ දෑල නමුනු කුල මිදී ඇද හැලෙන කල පිස ගනිමි මම කඳුල!
කවිය බලන්න
පවසන දේ පරිස්සමින් ...!

පවසන දේ පරිස්සමින් ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

⁣යමකුට ඔබ පවසන්නට යන දෙය ගැන සිතනු මඳක්... කමකට නැති ඕපදූප වාගෙම යම් වෙච්චි හොඳක්... නමකට සම්බන්ධ වුවොත් වෙසෙසින් සැම දන්න ලඳක්... තම කට වැරදෙන්න යන්නෙ මොහොතයි, එය වෙලා ඇදක්... අසනා අයගෙන් සමහරු , අතින් දමා එය රසකර.., වසනා ගම පුරාම පතුරන්නේ නම් තලුමර මර... ගසනා තටු අනුවම පැතිරෙනවා වැඩිවී එහි බර... මසනා එක මුව, හොඳබව සිහිවෙයි ගියපසු පෙරහර... දෙතිස් කතා ගැන දෙසලා ඇත්තෙ දහමෙ නිකම් නොවේ... එ තිස් පැයේ සීලෙ රැකුම අගය නිසාමනේ ලොවේ... විපස්සනා බවුන්වැඩුම පුරුදු වුනොත් ලැබෙයි සුවේ... තපස් නොවීමුත් සිත නිවනට යොමුවී ගතම නිවේ... දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා . දෙහිවල
කවිය බලන්න
නුඹේ වූ ප්‍රේමය....

නුඹේ වූ ප්‍රේමය....

දීපා ද සිල්වා ලන්ඩනය

කොහේ සිට පැමිණි දැයි නොදන්නා හදවතක් ගැහෙනවා ඇහෙනවා සිහින් කෙදිරිලි හඩින් බිඳී ගිය පෙම්වතක මතකයන් අහුලමින් ගැයෙන දුක් ගී රාව නෙතු පියන් ඇහැරමින් අතරමග අත හැරුණු ගිලන් පරඬල් පතක් පිනි ඉසා පුබුදන්න අහම්බෙන් හමු වුවත් ඉරිතැලුණු ප්‍රේමයක විරහවක් උසුලමින් නෙත් කෙවනි තෙත් කරයි කදුළු කැට පුරවමින් නොතේරෙන නොදන්නා රිදුමකට වග කියන් විඳවිල්ල බාරගමි උරුමයක් වූ නුඹෙන් ...
කවිය බලන්න
නාකි ගස්

නාකි ගස්

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

සරුවට වැඩී අහසට නෙත් යොමාගෙන ලොකුවට අතු විහිද රුප්පා වසාගෙන ගැඹුරට මුල් යවා සාරය උරාගෙන පොළොවට ඇද වැටෙති පොඩි පැල මරාගෙන දෙනවැයි සෙවණ හිරු කිරණද සඟවගෙන වළකයි සඳඑළිය කොල මත අතුරගෙන රඳවයි පරපුරක් අඳුරෙහි නවතගෙන නොමදෙයි ඉඩක් නැගිටිනු හිස ඔසවගෙන වැසිඑන විටදි කුඩයක් මෙනි දිග හැරෙන ඇතිවන තුරා බී බිඳු පහතට දමන වතුරෙන තෙමෙන ඇඟපත සෝදා එවන නැහැවෙන තණපත්ද නැත අරුමය කිපෙන රැවටෙන කෘමිහු පැණි බිඳකට ලොබ බඳින දැනගෙන නුවද මෙහෙකරු වෙයි ඵල සදන වැජඹෙන ඉහළ දැක විත් කුරුලන් ලගින තැනතැන දමයි බිජු මුන් පරපුර වඩන පොහොරද ජලය වාතය හැමටම තිබෙන නැතිවද ලැජ්ජ තොග තොග හොරකම් කරන සිටියද යොවුන් පරපුර පහළින් හැදෙන සැදුවෙද පමණි සැම මාවත් උන් මඩින පැවතුම නාකි ගස් අවපස වෙත හැරුන නැවතුම හෙටක පැතුමන් සිත්වල පිරුණ මපැතුම ඉවතලනු උන් බාගෙට මැරුණ ඇමතුම එයයි වෙත නැග එන නව අරුණ දෙවිවරු ලෙසින් සැළකුම් නෙක පුද ලබන සමහරු වෘක්ෂ මෙනි මහළුව දැය බුදින විසකුරු මොවුන් නැතිකල දින ගෙන හැඳින සූමියුරු කල උදාවෙයි වෙත ලක් දෙරණ
කවිය බලන්න
මල්වරය

මල්වරය

ගාමිණී හේරත්

පිපුණ මල් ගොමුවේ බඹර ගුමු ගුමු ඇසුනේ විහඟ ගී ගැයුනේ අතුරිකිලි නැටුවේ.. මලක රොන් පිරු‍ණේ මුව මඩල පිපුණේ කොමළ සිත් නැඟුණේ නෙත් බිමට හැරුණේ.. බඹරුන්ට නොපෙනෙන්න සඳමඩල සඟවන්න කිලිටු සිත් නොමඑන්න ගේ පහන දල්වන්න.. නැවුම් කළයෙන් නාවා පිරුවට සුදෙන් අන්දා ගුරු දෙගුරු නැමදීලා වඩිනු මල් කුමරියේ..
කවිය බලන්න
අඬමු ද රට තොටේ  - නැති ද සළු හැඳ ඉණ වටේ ... ??

අඬමු ද රට තොටේ - නැති ද සළු හැඳ ඉණ වටේ ... ??

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

මරණයෙදි කෙනෙකුගේ නැහැ කිසි සතුට සිතෙ මගේ එතෙකුදු දැක රඟේ මවිල් ඉපිළෙයි සියොළඟේ අපෙ රට යට කරපු සුවහසක් දූ පුත් මරපු හෙළ දැයට වින කරපු අදිරද නොවෙ ද මහ රුපු ? පෑගු දැයෙ තිබු ජවේ ඉදිරු නිදහස සිහි මැවේ කුමට තැවෙමු ද ලොවේ උන් ගිය කල දි පරලොවේ ? නැති ඉසුඹු එම රටේ දී ඇත මෙහෙට ගැසු ගැටේ අඬමු ද රට තොටේ ? නැති ද සළු හැඳ ඉණ වටේ ....?? මැරුණු අපෙ විරුවනට නුදුන් ගරුවක් කිසිවිට දිය යුතු ද සතුරනට ? නැති ද සිහි අපෙ මොළයට ....?? අපේ පර ගැත්තෝ රට ගැන වගක් නැත්තෝ කළුසුදු ඇබිත්තෝ අවමඟුලෙ යන ඉත්තෝ දෑ හැඟුම නැති එවුන් රජ පුටුවලට යැවු පවින් වැටී රට යළි දණින් සුුදු වැඳුම නෙතු හැර බලන්.... දැයෙ අපෙ නිදහසට ලේ වැගිරු හෙළ විරු හට නිගරු දෙන රටකට හිරු පායයි ද කෙලෙසට ? දහ අටේ - හතළිස් අටේ පොළොවෙ හෙළු ලේ මුතු කැටේ විරු ඉපිද යළි රටේ දීන සිවලුනට දෙනු මැන බැටේ .... !!! 2022 සැප්තැම්බර් 17
කවිය බලන්න
සරත් සඳ යට

සරත් සඳ යට

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

සරත් කල පිරුණු සඳ යට මුදු රිදී පැහැ එළියෙන් උද්‍යාන තෙමෙද්දී මරණය නම් වියපත් සරදම් කරන්නා සියල්ල මතක ඇති සොඳුරු මිතුරෙක් ලෙසින් පැමිණ රහස් කියාවි නුඹ හට වසත් රෝස කුසුම් යටින් වනයේ රත් පැහැ පත්වල අඳුරු ලෝහිත පැහැය සැඟවී එබෙද්දී දහසක් මතකයන් ගෙන ආදරය ඇවිදින් සොඳුරු, පිළිතුරු නැති පැණ අසමින් සියුම් දෑතින් නුඹව පිරිමදිනු ඇත Translation of the poem ‘Under the Harvest Moon’ by Carl Sandburg පරිවර්තනය- හෙල්මලී ගුණතිලක ඇමෙරිකාවේ ඉලිනොයි ප්‍රදේශයේ උපන් කාල් සෑන්ඩ්බර්ග් (1878-1967) ප්‍රකට කවියෙක්, ගත්කතුවරයෙක් මෙන්ම ඉතිහාසඥයෙක් ද විය. ඔහුගේ නිර්මාණ වෙනුවෙන් ඔහු තුන් වරක්ම පුලිට්සර් සම්මානය දිනාගෙන ඇත. Original poem:https://poets.org/poem/under-harvest-moon Poet’s Biography translated from: https://www.best-oems.net/carl_sandburg/index.html Photo- Unsplash
කවිය බලන්න
අරුම සෙවනැලි

අරුම සෙවනැලි

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

ළමාවිය ළංවී ළයට තුරුළු ව ළපටි අරුමෝසම් දමද්දී නොතේරුණු දෑ බොහොම බැරෑරැම් වී එද්දි සිත සළිත ව ගියේ ළාමක ව රිදවමින් සිතාගත නොහැකි වී... අනෙක්වුන් පොරකද්දි ජීවිතය දකිනු ව ජයට මා ගියේ ගනු පිණිස වැහැරෙන මගෙ දිවිය මිහි දනට නොදෙනු පිණිස... අක්කා නොසිටින්නට ඒ කර්තව්‍යයත් හමාර ය වසර දෙක-තුනකටත් එහා එහෙනම් මේ කව නොලිය වී... දෙනෝදහසකගෙ දිවි තොර කැරෙන සන්ධිස්ථානයට මම ද ගියෙමි අපේකෂාවකින් වික්ෂිප්ත වූ මගේ හද පෙලා නැගුණේ නෙතග කදුළක් උපහාසාතමක හඩින් හඩන්නට ඉකි ගස-ගසා වෙව්ලන දෙකොපුලෙන්... වට-පිට බැලීමි... නෑ අයියා පෙනෙන්නට පුරුදු අක්කාගේ මුහුණ විඩාබර පියවෙන නෙත් පියන් විටින්-විට... කෝ කුමාරී - චූටී කොහේ ද අයියාට කීවේ නැද්ද... එනවැයි කිවේ නැද්ද... කරදරයි අයියට කොච්චර දුරක් එන්න ද දකින්නත් ආසයි අක්කෙ අපි එන්න කියමු ද තවත් එක සැරයක්... ආසයි බලන්නට මං ඉතින් මේ පුටුවෙ ජීවිතේ ගෙවනවා එහාටත් - මෙහාටත් -කැරකෙමින් ඉන්නවා සකය මත ජීවිතය නැවතිලා... නැවතිලා...! 01.10.2022
කවිය බලන්න
කටු මල්ද මහනෙල්ය

කටු මල්ද මහනෙල්ය

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

රෝස පෙති ඉරෙන විට තෙමෙන මුදු කම්මුල් නෙළුම් පෙති තෙමෙන විට සිනාදෙන මුතුවැල් නිදිකුම්බා මල් සිනා දැක රිදෙන දෙපතුල් පොපි මල්ය රිදි රිදිත් සිනා දෙන නිකැළැල් පතොක් මල් නොම නෙලන රන් දමක් වන් අත් රතු රෝස අතු වලට දිගු කරති බවලත් ඉඳහිටක කටු මතට හීන් වැහි වැස්සත් කටු ගහේ මල් වැරදි නෑ කටුද ඇතිමුත් දේදුන්න දිය කරන් පාට ගා ගත්ත මල් කටු ගහේ මල් වලට කරන මුත් සමච්චල් කටු ඉතිද තුරු වැල්ද හුරුව ඇති සෑම කල් රුදුරු වුව කටු මල්ද මෙනිය මට මහනෙල්
කවිය බලන්න
සිංහගිරි වරුණාව

සිංහගිරි වරුණාව

හර්ෂ ප්‍රසාද් විද්‍යාතිලක රත්නපුර

සිරිසර මවන දසතම බල රස මැව්ව විසිතුර නයන තුල නෙක නෙක කව ලිව්ව සිහිකර නිවන සරතැස දුර නැත ගවුව මිහි බර දරන හෙලබිම සිහගිරි පව්ව හිමිකර ලවන තුල සිරියට මන බන්දා විසිකර සිහින ලද නිලුපුල් රුව වින්දා සිහිකර වරුණ ලඳකගෙ රුව ගුණ රන්දා වැහිබර පවන සමවන සිතුවම ඇන්දා දිස්වන දුරුතු හද සීගිරි කුලට පැන වස්සන සුසුදු මද සිසිලැති කිරණ දෙන ගස්සන පහුරු මත කැටපත අකුරු ගෙන ලස්සන කුරුටු ගී කාගෙද කියනු මැන හිරු දෙවි නැගෙන විට වටකොට ගිරිදේවී විරු සවි රැගෙන එන වද උණුසුම යාවී මරු දිවි පතන විට සැඟවුව සිරියාවී ගරු කවි සවන තුල රැව් පිලිරැව් දේවී මින්දද විදින හී එක පිට එක වැදිලා වින්දද සහන ගල් කුළු සයනය අතුලා පින්කඳ නුවණ නැතුවද ඇගෙ ගැන හිතලා රන්කඳ කියන දෙවුරුවෙ නිරුවත ඇඳලා මිතුරන් වදුලු ගිරිමත එකමුතු කරලා සතුරන් සියලු මඩිනට සැලසුම හදලා වගුරන් කදුළු කුමටද පිය රජු මරලා මසුරන් බිඳුලු කස්සප හෙළයට උඹලා
කවිය බලන්න
ඇගැයිම

ඇගැයිම

ජානකී එදිරිසිංහ

කවියෙක් නොවෙමි නමගිය කවියක් කියමි අවසර මිහිරක් කවි ~ ලන්ඩනය තෙවරක් පුදමි ආදරය
කවිය බලන්න
ඔහු සහ මම

ඔහු සහ මම

ජයතිලක කම්මැල්ලවීර

ඔහු කියයි අපට "මා කියන දේ පිළිගන්නම අවශ්‍ය නැහැ ඒත් ඉවසිල්ලෙන් සවන් දෙන්න අනෙකාට සවන්දීම ප්‍රගුනකිරීම අවශ්‍යයි යහපත් සමාජයක් ගොඩනගන්න" මම හොඳින් සවන් දී හිඳිමි වචනයක් වරදින තැනක් අල්ලා ගන්න හොඳට රිදෙන්න දෙන්න ඔහුට 16-09-2022
කවිය බලන්න
මල්_කඩුපුල්

මල්_කඩුපුල්

ජීවන් දේශප්‍රිය

දිනිසුරුගෙ කැලුම් විඳ, නිසයුරුව දකින තුරු, නිරන්තර සුවඳ දී, නටු මතින් සුපිපෙද්දි තනි නොවී පිරිස් මැද, මල් පොකුරු පුරාවට, හිනැහෙමින් රිසි ලෙසින්, වර්ණ වල මුහුවෙද්දි පිනි පහසෙ නැහැවෙමින්, සිහිලසක වෙලි වෙලී, මිහිමඬල සිප අරන්, රටාවන් අතුරද්දි මිණි කිරුළු අහිමි ඇයි, අනේ මේ "කඩුපුල"ට, මැදියමක ඇහැරිලා, මොහොතකින් මියැදෙද්දි... නෙත් පැහැර මන බඳින, ශ්වේත පෙති මත මුසුව, සුළං සර විතරමයි, බොහෝ විට දඟවුණේ මත් බිඟුන් වත් නොමැත, ගිණි ලමැද නිවන්නට, සෙව් සුවය අරන් තුඩ, කෙලෙසවත් ළංවුණේ රත් අනඟ දුනු හීය, බැරිවෙලා මිස කිමද, ප්‍රේමයක් මුසුවෙලා, පපුවකට නොවැදුණේ සිත් රිදුම් පමණමයි, තුරු හිසත් දොස් නගයි, රැකවරණ නුදුන්නත්, තරහනම් නෑ වුණේ... තරු දිලෙන හීන සැම, දැන දැනම මිලින බව, මියෙන්නෙමි හෙමි හෙමින්, වියාගෙන කාන්තී හුරු ගැහැණු හැඟුම් මුත්, සිරුරකට සමවෙන්න, සැත් තුඩින් සැරසුනෙමි, නමුදු නැත යාන්ත්‍රී පිරු පැතුම් අභියසක, දිනූවත් රුව වරුණ, ඔසු මතම ගෙවන්නෙමි, සොය සොයා ශාන්තී දුරු කරන් අපුල රළු, ගුණයෙන්ම බලනු මැන, ළඳකි මා පෙර පිරිමි, වුණා සංක්‍රාන්තී... 25/08/2022
කවිය බලන්න
කොඩියෙන් හඬක් .....

කොඩියෙන් හඬක් .....

කුමාරි පතිරණ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

අතට කුමට දුන්නද දිලිසෙන කඩුවක් වටට තියා පින්බර බෝපත් හතරක් හිතට එඩිය වැඩි මුත් වෙයි අව නඩුවක් පිටට යන්න බෑ මැද ඇත රතු කොටුවක් සයුර මෙපිට බැබළුණු පොඩි මුතු ඇටයක් පැතිර ගියපු අභිමන වී ඇත අඩුවක් විසිර කෙසර ඳඟ දෙයි එන විට සුළඟක් වැතිර කියමි දෙනු මැන කඩුවට කොපුවක් කොතන කොහොම එසවූවත් ඇද නූලක් එතන ඇසෙයි සුන්දර සිරි බර ගීයක් මෙතන මෙහෙම හිටියට මට ඇත ගායක් වැටුණ නමුදු නැගිටිව් මෙය රන් යායක් 2022/09/18
කවිය බලන්න
සිගිරිය විසින් කාශ්‍යප රජු වෙත.

සිගිරිය විසින් කාශ්‍යප රජු වෙත.

කමනිකා මොහොට්ටිගේ

තලන, පාගන, නගින, තරඟය තබයි හිසමත මහ බරක් .. අප්සරාවට කුරුටු ගී කව බින්දේ ගල නොව හිත මිසක්.. බැඳුම් රැකුමට හෙලු කඳුලින් දෙගොඩ තැලුවා හද විලත්.. තනිකඩ දවස් වල කසුප් සගයනි, අනේ මං නිදහස් ගලක්! ....
කවිය බලන්න
සැප්තැම්බර්

සැප්තැම්බර්

කපිල කුමාර කාලිංග

කඩා දැමුවෙමි අගෝස්තු කොළය දින දසුනෙහි ඔන්න ඇවිත් සැප්තැම්බර් යළිත් ඇවිත් සැප්තැම්බර් කෙතරම් වැදගත් ද සැප්තැම්බර් සැප්තැම්බරයේ උපන් කෙනෙකුට මොනතරම් මතක පිරිලා ද සැප්තැම්බරය තුළ හැම දවසක්ම මාසයක් වගේ දිගයි තව කොතෙක් සැප්තැම්බර් ඉතිරි ද නොදනිමි මට කුමට තැවෙමිද ඒ ගැන උදාවුණා පමණයි තවම අලුත් සැප්තැම්බරය මේ සැප්තැම්බරය ඔබ මවක් වාගෙයි මට ජීවිතය පිරිනැමූ ඇදුරියක හා සමයි ප්‍රේමයේ මුලකුරු කියාදුන් සැප්තැම්බරයමයි වසන්ත කාලය දිගාසිරි කුසුම් මා වටා සුපිපෙන ගෙවී යන නමුදු මසින් මස මා දිවිය ඇද වැළඳ සිපගනිමි ළබැඳි සැප්තැම්බරය . 03 සැප්තැම්බර් 2022
කවිය බලන්න
සුමුදුය සුකුමල​

සුමුදුය සුකුමල​

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

සුමුදුය සුකොමළ පහස අදද මට හමුවූ මුල් දිනයෙම වාගේ හිනහව පිරි මුව කමළෙහි සෙනෙහස ඉතිරෙනවා ගලමින් දෝරේ කාලය ගතවුණි විඩාබරයි අප දෙදෙනාගෙම සුපහන් ජීවේ එනමුදු ලෙන්ගතු කමේ මහිම ඔබ මා නිතරම රහසින් කීවේ කාගේ කවුරුද කොහිසිට ආවෙද ඔබ මා හඳුනා ගන්න ඇතී ඉඟියෙන් මෙන් ඒ හැඟුමන් පැතුමන් මතු අත් භවයෙත් පතමු අපී
කවිය බලන්න
රැජින

රැජින

කුමාරි විජයරත්න ලන්ඩනය

ලොව හුග දෙනෙක් ලොකු අගයක් දුන් කෙනෙකී ඔබෙ ජීවිතය මිහිරට ලියවුන කවකී සිනහව පිරුන කරුණාවෙන් බර වතකී රැජිනක් මෙන්ම ඔබ හරි සුන්දර කතකී සියවසකට කිට්ටුව ගෙවුනා දිවිය අවසානයෙත් තිබුනා සිත ගත සවිය ළං විය නොහැකි යහගුණ ඔබෙ හරි දුරය ඔබ සම කෙනෙක් ළගදී රජ වනු බොරුය හිරු නොබසින රජයන් ඔබටම හිමිය සුරු විරු කම් උපතින් ඔබහට සතුය කරුණා දයා ගුණයෙන් පිරි සුරවමිය හොරු අරගෙන ගියෙ ඇයිදෝ රාජිනිය
කවිය බලන්න
තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

තී වෙති ද මාරයා හද ගිනි පුපුරු ලන

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

කදුරු වාගේ තිත්ත කරුවල කලු තෙරක එක් දනව්වක හිඳ විය සිදුර බිඳ පහන් එළි ඇති දුරු දනව්වක දිවි හරඹෙ හිටි... තුරඟයකු පිට නැඟී ගත් නුඹෙ දෙපා යුග බිම නොගැටුණෙ ද රළු වේගයෙන් හඹ-හඹා ගියෙදැයි පමණටත් වැඩියෙන් සිතෙයි මට... කැලෑ කටු පඳුරින් පොහොදු වුණු පිපුණු කැකුලේ අගය නොදැන ද ගැමිකමේ සෙනෙහස නසා-නුඹෙ හුරුබුහුටියත් සුනු-විසුණුකොට! නොබසිනා හිරුගේ ඉමෙහි සිට අරුමෝසමට දෙනෙත් නතු කර බලා සිටියෙ ද තව ඉරක්-පායනු දකින්නට දිවි අඹරෙ තෙර!! කාලයේ වැලි තලාවේ යට උස්-පහත් වූ සියුම් සිතිවිලි එබෙයි තවමත් වරින්-වර-මායිමේ හිඳ වැට කඩුලු බිඳගෙන... හමු වුණේ හැටියට ද ඉරණමෙ ආ-ගියේ ලොව් “අටේ දහමට” දෙළොස් කොටුවෙ ම ලියැවි තිබුණෙ ද බොඳ ව ගිය අපැහැදිලි ව අකුරින්... කරමි නිවැරැදි මේ සැහැල්ලෙන් සිදු ‌වෙලා ඇති ඒ විපැත්තිය ඉතා පැහැදිලි රවුම් අකුරින් සනස ගනු පිණිස ම මගේ සිත... තී වෙති ද ඒ මාර වෙසඟන අපේ හදවත් තුළට රිංගූ මේ ඇය ද නොව නුඹේ හද ගිනි දුන්න යුවතිය මහද ගත්තූ!!!
කවිය බලන්න
එදා  පෙම්පත

එදා පෙම්පත

ගමගේ ලයනල්

ලියුමක් ලියා මුතු අකුරින් මනාව ට කවියක් ගොතා මුමුනන විට ලතාව ට මනසින් හිත හිතා කාලය ගෙවන වි ට ඒ ලද පෙම් සතුට අදටත් තියේ ම ට
කවිය බලන්න
බොදු දම ගෙනෙයි සොරුනට කැප නැති සතුට!

බොදු දම ගෙනෙයි සොරුනට කැප නැති සතුට!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

තුටියෙන් සිටිය යෙහෙළියො යහලුවො සමග, රස බස, රස බොජුන් සිනහද අඩු නැතුව, ලෙඩ දුක මහලු විය ඩැහැගෙන ඒ සතුට, බොදු දම ගෙනෙයි සොරුනට කැප නැති සතුට! මස ඇහැ දකිමි, නොයෙකුත් මනහර දසුනන්. මන ඇහැ සුව විදිමි දකිමින් ඒ දසුනන් අල්ලා නොගෙන සිරකර ගන්නේ නැතිනම්, දසුනන් ප්‍රිය ද නොපිරිය වග නැත අගයන්! නහයට වැදුන ගඳ සුවදද වගක් නැත. දිව උඩ තබන රස නොමරස ගැටෙනු නැත, සවනට වැටෙන හඬ මිහිරිද කමෙක් නැත, මෙ කයට සැපක් නොසැපක් යනු ශුන්‍ය ඇත. මෙලෙසට මනස ඇතිනම් දිවි තිබෙන තුරා, එතෙරට යැවෙන ශක්තිය අඩු කෙලෙස් දරා මම ලෙස පැවති අදහස නිරතුරුව සදා, ධම, ඔබ පිහිට සමගින් අඩු කරමු මෙදා!
කවිය බලන්න
බෙලහීන මිනීමැරුම

බෙලහීන මිනීමැරුම

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

ගංදබ්බයකු සේ සැරි සැරූ තුන් භවනයෙහි අවසන සම්මුඛ විය මට මානස ගර්භයක් සිතා එය පෙර සේ තවත් එක් මංගල ගර්භයක් ගියා නොසිතා දෙවරක් ඉල්ලාගෙන වල්ලි අම්මාගෙන් මම වරයක් හිරු කිරණ මව් කිරන මුසුවූ ආදරය පතා හැඬුවෙමි කෑ ගසා නැත ඇසුනේ මා සප්ප හඬ මේ ගෝනි පඩංගුව හරහා වේදනාව නැවතින අවසන මා මනෝකාය ගැලවින නැත ඕනෑ නැත මට වරයක් යන්නට නැවත ඉපදෙන්නට මනු ගර්භයක
කවිය බලන්න
17 වැනි මහලේ සිට

17 වැනි මහලේ සිට

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

යහපත් දිනක මතු දොර ගුළු අරින්නට නිති දුක් විඳිමි දරු පරපුර රකින්නට දවසක් නොහැර මහ ගිරිදඹ නගින්නට සමයක් ලැබිමි දුෂ්කර වත පුරන්නට දකුණත සිඳුය නිරතුරු රැළිවැල් නැගෙන වනයක ඉඳිමි මන්දිර අහසත් සිඹින නෙක නෙක මුහුණු ඇති මුත් සිනහව පිරුන කිසිවෙකු නොමැත මට නම් හදවත දැනුන සුරතල් සතුන් සදනට බැරි නීති ඇතේ දරුවන් වැඩේ නොමැතිව කිසි තෙතක් හිතේ මිතුරන් ඥාතී පරපුර හා හවස් අතේ හමුවන් විඳින නිදහස නම් ඉතින් නැතේ මැස්සෙක් මදුරුවෙක් ආවත් යම් විටක කොලයක් ලියා අවසර ගතයුතු හනික තිබුනත් නේක “හැපනින්” ගෙවි හැම පැයක පුදුමයි නොදේ සිත සතුටක් කිසි ලෙසක ඉතුරු කලත් කාලය ගිරි දඹට වෙලා මිතුරු වුනේ පාලුව මුළු දිවිය පෙලා සොඳුරු නොවෙද මෙහෙ කියමින් සිතම මුලා නපුරු සිහින විඳගමි හෙට දිනය බලා 2022 බිනර මහේ දවසක ලියමි
කවිය බලන්න
සිහිනෙන් වත් අනේ හැකිනම්   පැමිණෙන්න

සිහිනෙන් වත් අනේ හැකිනම් පැමිණෙන්න

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

හැරදා ගියත් රුව, කය අම සුවය ලබා හැමදා මිහිරි මතකය අප ලඟම තබා යලි නොඑනා බවක් නොසිතෙයි සිටිමි බලා වෙනදා වගේ හිනැහෙනු දොර හරිනු බලා දුක සැප සමව විඳගත්තේ අපි එකට නෙක කම්කටොළු ආවත් වින්දෙමු සතුට රැක ගෙන දුවා දරුවන් තුරුළුව සිතට දුක දී අප දමා ගියමුත් නෑ කහට සතුටින් සියළු දෙන එක්වූ මොහොතකදී සැණෙකින් ඔබත් නොදැනම නික්මුනි සමුදී නිදුකින් හොඳම භවයෙක ආයෙත් ඉපැදී ඉවසන් , ඔබ සොයා මා එමි ලෙස පෙරදී ඇදහිය නොහැක තවමත් ඔබ නොමැත කියා ඇසිපිය හෙලන මොහොතට දිවි අතැර ගියා සමුදිය යුතුවුවත් තවමත් හිඳිමි බලා ඔබ දී ගිය මතක සුවඳට තුරුළු වෙලා සියලුම යස ඉසුරු ලැබ යලි ඉපැදේවා සැනසුම සතුට පිරි දිවියක් ලැබදේවා කවදත් මුවග රැඳි සිනහව නොමැකේවා නිවනට යන තුරා යලි අප හමුවේවා ! දහසක් සිතේ ඇත ඔබ හා පවසන්න අතොරක් නැතිව සිතුසේ දොඩමළු වෙන්න මොහොතක් ඔබේ සිනහව යලි දැකගන්න සිහිනෙන් වත් අනේ හැකිනම් පැමිණෙන්න
කවිය බලන්න
මහපාලිගෙ යාදින්න

මහපාලිගෙ යාදින්න

මයුරි කොඩිකාර ගම්පහ

කුදිරමලේ තොට වූවනෙ ගොඩබැස්සම තම්බපණ්ණි ඉඳිගොල්ලේ කිරි අම්මා අතහැරියනෙ යක්කසණ්ණි කුකුලපොලේ නම තිබ්බා මගහරිනට හද්දවන්නි දළුලන්නේ හද පෙම්මා තුන් පියයුර සින්දගන්නි පාව දුන්නට රැහේ උන්වත් වූව සෙතකුත් නැති තරම් වීය සිහසුනෙ රිදී ඉරකුත් රැඳී උන්නත් හැකි තරම් නේක අවමන් විඳී තවමත් පාර වන්නන් ඇති තරම් සාපෙ වැදුනම මිදී යන්නත් දොලපි දුන්නත් බැරි තරම් කිරිකොරහ නැටුවාට නිරිඳුනි හැකිද සිතකින් ගැලවෙන්න රියසකක් විලසේම එනවනෙ කරුමෙ විගසින් ඇලවෙන්න සයුරුදිය කැළඹූවෙ දෙඅතිනි සත්ම කඩෙකින් විසිවෙන්න අතුරුඵල විඳවූයෙ දරුවොය දිවියෙ මියෙමින් විඳවන්න අදත් ඉන්නව ගැහැණු බොහොමත් කුවේණියකට පණ දුන්න අතත් අල්ලල අමුතු විදිහට කුසගින්නෙ ලැබු බත් වැන්න දිනක් කෙදිනද වැපිරු බිජුටික තමන් සන්තකෙ කර ගන්න දමක් වෙළුවද රනින් කිමපල හැකිද දොරගුළු හැර යන්න
කවිය බලන්න
යසෝදරා අවදියෙන් (ජන සාහිත්‍යයේ ‘යසෝදරා’ කාව්‍ය ඇසුරෙන්)

යසෝදරා අවදියෙන් (ජන සාහිත්‍යයේ ‘යසෝදරා’ කාව්‍ය ඇසුරෙන්)

නිශ්ශංක දිද්දෙණිය

"තෙමා වැටේ මගෙ සළු පිළි නෙත් පුරවා අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා දමා කුමරු වැඩියා මට සිහිවෙනවා මෙමා හැර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා" දෙනෙත පියාගෙන උන්නු නමුදු නොම උන්නෙමි සුව නින්දේ අවුදින් ඔබ අප දැක යළි පෙරළා ගිය’යුරු සිහියෙ රැඳේ ස්වර්ණ නිධානය ලෙස රැක ගන්නට ලෝබ හැඟුම් නොතිබුණාා නොවේ සසර පුරුදු ලද සංවර සිත මිස බිම්බාවන් ඉඩ දුන්න නොවේ කන්තක ගේ කුරහඬ වියැකී ගොස් අවට ම නිසල ව තිබුණු රැයේ නිදි නැති යහනේ දුක’ඳුර ගැලුවේ ඉකිලන සුසුමින් දැවෙන ළයේ භවෙන් භවේ අපි ආ සැටි සිහි වී හැඬූ කඳුළු යුග නෙතු පුරවා සිතින් දරාගෙන ඉවසා උන්නේ ඉවෙන් දැනුණු හින්දයි බුදු වෙනවා "සුවඳ බොජුන් වැළඳූ මගෙ හිමි සඳට නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට සුවඳ පලාපල මැවියන් හිමියන්ට සුවඳ මල් නිතර පිපියන් රන් කඳට" 2022.09.19
කවිය බලන්න
සෙබළ දියණිගෙ මව් උදානය

සෙබළ දියණිගෙ මව් උදානය

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

හිසට උඩින් නිල් අහසයි දෙපා යටට මහ පොළවයි මිහිකත වට මහ සයුරයි දියණිය ඔබ ලද උරුමයි මව් කුසින් විළිරුදා බිහිවූ මගේ රන්කැටි දියණි බිළිදූ පෙවූ රන්කිරි මගේ රුහිරූ රන් මලක් ලෙස වැඩුනි සොදුරූ ගමේ සිනා රැලි කොමලියේ ගඟේ දිය කෙලින කිඳුරියේ නිවසෙ සුරතල් දියණියේ කමතෙ වැඩ කළ මිහිරියේ රනින් වළලු නැතත් අතේ බරට රැගෙන අවිය අතේ රුපුන් දිනන දිරිය සිතේ කඳුළු නොමැත ඇයගෙ නෙතේ පපුව තුළ රැඳි යමක් දිටිමි ඔබ තුළ සමත් රණ බිමට ඇති පෙමක් අවසරයි ... අකමැති වුවත් එඩිය පපා රුපුන් සමඟ පෙරළී අහිමි වුවත් දෙපා ඔබේ ගැලවී මගෙ දියණිය ලොවට උතුම් සෙබළී මා ඉන්නම් කරුවක් ලෙස කිහිලී
කවිය බලන්න
බතලයා .

බතලයා .

නුවන් තොටවත්ත

"අල්ලනව අත. තමුසෙ මොකද අර ටිකක් මහත දරුවට "බතලයා" කිවුවෙ. ඕවද අපි මෙච්චරකල් ඉගැන්නුවෙ ?" - විනය බාර සර් . . තඩි බඩක් හෙම නැතුව හැඩට හිටි දාක මහෝදරටත් නමක් තිබුන් නැතිවාද දන් දුන්න නිසා පට බැඳුනමුත් ඒක අණේ පිඬු කියන්නෙත් කාඩ් එක නේද ? කාලගෝලලා ගැන කට පුරා කීවට කරාඹුව කැත නිසා මට්ටකුණ්ඩලී වූවට රජ්ජුමාලා කියල කියද්ද්දී ඒකිට සර් වත් කිසිතැනක වැරැද්දක් කීවද ? රෙදි නැතිව ඇවිදින්න උනත් මහ මග දී පටාචාරට නමක් තියෙන්නැති මුල දී දුශ්ඨ - ගාමිණී ගැන උගන්නපු තැන දී "බතලයා" කියපු එක විතරම ද වැරදී ?
කවිය බලන්න
ඇස් පියල්ලක සගවා සුරකින ආදරය...

ඇස් පියල්ලක සගවා සුරකින ආදරය...

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

පිනි බිංදුවක සිසිල තැවරුණු ගිම්හාන හිරු කිරණක උණුසුම වසන්ත සද මඩලක එලිය වලකුලු අතරින් විහිදුවන ආදරය… වදනකට වරදක් සොයන නිතර හදවත බිදින ඉවසීමක් නැතිව රිදවන මනස ඔත්පල කරවන ආදරය… වෙරලක රල මෙන් සරණ ලංව යලි යලි ඈත්වන ඈත්වුනු සැනින් යලි සොයා එන හදවත සුවපත් කරවන ආදරය… කාලාන්තරයක් සිතුවම් කල අහිමි ආදරයක සිත්තම වර්ණවත් සායමින් පිරියම් කර අවසාන සිහිවටනය තනවන ආදරය…
කවිය බලන්න
සුනිලුනි !

සුනිලුනි !

නිමල් අබේසිංහ කඳාන

දළදා මැදුර අභියස උඩවත්ත කැලේ තුරු වැල් සර සරින් සුළඟක් නැතිව සැලේ මුකුළිතවෙලා නෙක තඹුරුද නුවර ජලේ කොළ මල් වලින් නිරතුරුවම කඳුළු සැලේ නිසලව බලා හිඳිනා බහිරව කන්ද හොර රහසින්ම ඔබ අරගත්තේ මන්ද මෙතුවක් කලක් අප හා සෙනෙහස බැන්ද අහිමි කරන්නට වූ කාරණ මන්ද මන්දහාස නැඟුණේ හද ගැඹුරින්මයි නින්දා අපහාස දෙස බැලුවේ නැත්මයි බැන්ද සෙනෙහසට සකි සඳ මිතුරෙක්මයි කැන්ද ගත්ත අය අපගේ හතුරෙක්මයි මන්දාරම් අහස බැලුවේ හඬන්නයි මාවැලි ගඟට ඒ වැහි බිඳු පිරෙන්නයි දෙගොඩ තළාගෙන ජල කඳ ගලන්නයි එගොඩ වෙන්නෙ කෙළෙසද සිත දුකින්මයි පැහැසර සිනා මල් සිහිවෙනවා නිබඳ ඒ සර ගැන ලියන්නට නොහැකිය පබැඳ මේ භව මෙන්ම මතු භව වලදිත් ළබැඳ දුන් සෙනෙහසම පුදකරනෙද නුඹ සබඳ
කවිය බලන්න
යමුද අපිත්....

යමුද අපිත්....

නිරෝෂා ගුණසේකර බුත්පිටිය

අහංකාර ඒ හිත ලඟ වහං වෙන්න මනාප මට ⁣ලැබුණි සෙනෙහසක් අපමණ නොබිඳෙනා සිතින්........ තහංචි මැද බැඳුනු පෙමට හතර මායිමක් කුමකට ලොවට හොරා දොඩමළු වෙමු සෙනෙහෙ පිරි නෙතින්... දහක් දෙන බලා සිටියද වගක් නොගෙන හෙමි හෙමිහිට ගෑවි නොගෑවී යන ලෙස අල්ලමින අතින්.... මන්දාරම් අඳුර ගලන සෙංකඩගලපුර නුවරට යමුද අපිත් එක දවසක වඳින්නට බැතින්.....
කවිය බලන්න
බිම වැටුන වදන් වැල

බිම වැටුන වදන් වැල

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

බිම වැටුන වදන් වැල අහම්බෙන් බිම වැටෙන බොඳ වූ වදන් වැලක නිමිත්තෙන් තිගැස්සී අතීතය දෙස බැලිණ කාලයත් වේගයෙන් ගෙවී ඇත මට හොරා මතකයේ පුරාවට ඇදී යයි මකුළු දැල යළිත් අරඹන නියා හනික පන්හිඳ අරන් නිමා කෙරුවද ලියා දෙගිඩියාවක් දැනේ එකින් එක සසඳමින් හිත විඩාබර වෙලේ මෙතෙක් සැඟවුන කවිය කොතැනදැයි මට පෙනේ
කවිය බලන්න
අපිත්  පොදි බදිනවා

අපිත් පොදි බදිනවා

ප්‍රීති රන්දෙණිය

මේ ලෝකේ දකින පලමු දවසෙ හිනාවෙච්ච කෙනෙක් වේද එනකොට අපි හැමදෙනාම ආවෙ හඩාගෙන නොවේද එක නූල් පොටක් ඇගේ ඔතන් ආපු කෙනෙක් ඉන්නවා ද නෙක මෝස්තරෙන් දිලිසුනාම ආ හැටි මතකේ තිබුණ ද අත ගුලිකරාන ආපු අපේ අතේ සොච්චමක් තිබුණ ද ගහ මරාන ගොඩ වැඩි කරාට යන්නේ ත් හිස් අතින් නේද ආවොත් නවතින්නම බැහැ යන්න ම වෙන වා දන්නවා ඒ වුනා ට ආපු දවසෙ ඉදන් අපිත් පොදි බදිනවා
කවිය බලන්න
හිදැස්

හිදැස්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ජීවිතය, මිය ඇදුණු තාරකාවකි රැයේ පාළු අහසක නිදන බිළිඳෙකිය මේ පැයේ දේවතා එළි අතර ගීතිකා පද ගැයේ වස්දඬුව හා මුසුව වළා වීණා වැයේ ධූමකේතුවක් හද ගැඹුරටම සම වැදී යන්න යයි හිස් තැනක් ඉතිරි කරමින් මිදී පාලුවෙන් ලෝකයම ගිලෙන්නට ඉඩ දිදී වාලුකාවක් වගේ අහස් තලයම නිදී මිතුරු තාරුකා එළි සදාකල් දිලේවා අන්ධකාරය මතින් සිතුවමක් ඇඳේවා පෑරෙනා මතකයේ කැළැල් සුව නොවේවා හදවතේ හිදැස් තැන් හිදැසක් ව තිබේවා
කවිය බලන්න
නොමවන් මලක් කඩුපුල්.....

නොමවන් මලක් කඩුපුල්.....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

දල්වා නුවන් නිලුපුල් පුබුදා හදක් කුළුදුල් පැතුමක් මවා සුවඳක් වෙලා නොමවන් මලක් කඩුපුල්. දැවටී නිසල දෙනෙතේ සුවදී සොඳුරු සිහිනේ මේ කුළු සේ වී ඈතට පාවී සැඟවීද හිස් අහසේ. තරුවක් ලෙසින් හිනැහිලා ගඟුලක් ලෙසින් බැස ගියා සිඳු රළ අතරේ පෙණ පිඬු විලසේ සැඟවීද ඔබ රහසේ . පද්මලාල් පතිරගේ නුගේගොඩ
කවිය බලන්න
අම්මා

අම්මා

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

අනේක ජාති සංසාරේ නන් වෙස් ගනිමින් කරක් ගැසූ මට මිනිස් සිරුරකින් ලොවක් දකින්නට නවාතැනක් සේ ඔබෙ ගැබ දුන්නා මට අම්මේ..........! සීතලට හොරෙන් මගෙ ගත උණුසුම් කල ගත දැවටූ ඒ දියවුනු රෙදි කඩ රන් සළුවක් සේ දැනුනා අම්මේ බත් ගුලි කරලා මුව පුරවන්නට හැකිවන සේ ලේ කිරි කර පෙව්වා පන්සල පාසල වෙත මා යවලා ගුණ නැණ දෙක එකසේ ලැබ දුන්නා. ඔබ දුන් ඒ ධන මට හොඳටම ඇති ඒ හින්දා මම ගල් වැලි ගඩොලින් සැදු මහ මන්දිර ගොඩ මඩ යායට ඇති මහ කෙත්වතු ඔබෙන් පතන්නෑ මම අම්මේ.....! දැන්වැඩ කෙරුවා ඇති මගෙ අම්මේ භවයේ අවසන නිවනින් සැනසෙන මගකට එන්නට හයිය ලැබෙන්නයි මගේ පැතුම අම්මේ......! රම්‍යා අත්තනායක,මහනුවර 2022.09.11
කවිය බලන්න
අවසනට පෙර...

අවසනට පෙර...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දඟකාරකම් උතුරා හැලෙන සුළං රොදකට අවනතව වෙරළ තීරයක අභිමුව පියාඹන ලිහිණියකි තනිවම. හුදෙකලාවූ හිතකට ගෙනාවෙන් මල් මදහාස මංමුලාව හසරක් නොදැන ඈත ක්ෂිතිජය දෙස බලාගෙන රිදුණු බිඳුණු පියපත් පිරිමදින. විඩාවෙන් කම්පිතව නැගූ ශෝකාලාපයෙන් හැඟුම්බරව දයාවෙන් පෑ උරහිස මත රැඳුන ලුණු රසැති සලකුණු කිසිවෙකුත් නොදකිනු ඇත. බොහෝ ඍතූන් පසුකර තවත් එක් ගිම්හානයේ දවසක සාද සාමීචි කතා නොමැති මොහොතක සුසුම් රැල් මදක් තත්පරව ගිලිහී ඇදේ ගව් ගණන් දුර. නැවතී සිටිය නොහැකිය කාලයේ යාත්‍රිකයන්ය සැම දෙන කුමන හෝ අරමුණක් වෙත ඇදෙන. දුකින්, සතුටින්, පසුතැවිල්ලෙන් හිස්බවකින් හෝ සැනසිල්ලකින් යුතුව. එහෙත් අවසනට ප්‍රථම එක මොහොතකට හෝ ඉසිඹුවක් දිය යුතු නොවෙද සදා මග බැලූ නොනිදන තරු දෙනෙතට?
කවිය බලන්න
කුණාටු

කුණාටු

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

අනාත වූ ගස් වැල් වැලපෙනු අසමි දෙනෝදහක දුක කඳුළෙන් පිරි මසමි සිනා බිඳක් නැති සඳටත් අඬ ගසමි කුණාටුවෙන් ගැලවෙන්නට දොර වසමි නිදා ඉඳිති රුක් දෙවියෝ බිම වැතිර සිඳී බිඳී ගොස් අත පය අතු පතර උදාසනක් නැත එළඹුණු රැය විතර සදා හරිත භූමිය අද මරු කතර වසා දැමූවත් දොර අගුළු ඇතුළත සිනා හඬකි වියරුව නැගෙන දසඅත විනාස වී ගොස් කෝමල ම වෙණතත කුණාටුවකි කැළඹුණු ඇතුළු හදවත 2022.08.02
කවිය බලන්න
ගාලු මුවදොරින් නැගෙන හිරු

ගාලු මුවදොරින් නැගෙන හිරු

රංජිත් ද සිල්වා නවසීලන්තය

ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ සුදු ඇඳ ගත් කළු මිනිස්සු බියෙන් සැලෙන හැටි බලන්න පුළුවන් වුනු හැටි මතකද ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ බඩගින්නට අසනීපෙට කෑම ඉල්ලු- බෙහෙත් ඉල්ලු ජනයාගේ වේදනාවේ කඳුළු තවම සිහි වෙනවා ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ පොහොර නැතිව ගොවින් නගන දුක් දොම්නස් වේදනාවේ කඳුළු තවම සිහි වෙනවා ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ ගෑස් ජලය මුසු කරලා - විදි බැස්ස ජනයාගේ කඳුළු තවත් වැඩි කළ හැටි සිහි වෙනවා නිරතුරුවම ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ සිංහල - දෙමල - මුස්ලිම් - බර්ගර් මේ හැමෝම අත්වැල් අල්ලන් හිනැහෙන හැටි බලන්න දැන් පුළුවන් වුනා නේද... ගාලු මුවදොර - ඇවිද යන විට දවසේ විසිහතර පැයේ හිරු සේවය බලා ගන්න කාලය ලං කර ගන්නට ජනතාවම අවදිවන්න 27 සැප්තැම්බර් 2022
කවිය බලන්න
ශුද්ධ වූ ප්‍රේමය

ශුද්ධ වූ ප්‍රේමය

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

සෙනෙහසින් ඇරඹිලාදොම්නසින් නිමාවූශුද්ධවූ ප්‍රේමය සිනාවෙන් පීරි ගොස් කඳුලින්ම නෙත්ව ගිය ශුද්ධ වූ ප්‍රේමය ඉටි පහන් දල්වලා බයිබලයේ අත තබා දෙවිදුන්ට දුන් දිවුරුමට පිටුපෑව ශුද්ධ වූ ප්‍රේමය යහළුවන් නෑසියන් එක්ව ඉසු මියුරු වත රතිඤ්ඤා වැල් පිටින් මහ පාරේ දල්වලා කුලගෙයට සපැමිණි ශුද්ධ වූ ප්‍රේමය අද වියැලිලා දැවී ගොස් අවන්හල තුළ සැඟව සිටි නළඟනකගේ විජිතයේ දෙපා ළඟ මුරට ගොස් ශුද්ධ වූ ප්‍රේමය
කවිය බලන්න
පැරදුම

පැරදුම

රන්ජන ආරියරත්න

මේ පාර පවත්වන නිවාසාන්තර උත්සවේ තරගෙ අන්තිම දවසෙ දුවන මීටර් සීයේ ටීච උඹවත් දැම්මා නම් ලියපු පිටුවේ පොඩි කිරිය තමයි මට පණිවිඩේ කිව්වේ උදැහැනැක්කෙ නැගිටලා පාර දිගෙ දිව්වා අපේ වයිරා අවුස්සලා උගෙ පස්සෙ දිව්වා තාත්තගේ හයිය ගෙන තියා හිත ගාවා දන්නවද වට කීපයක්ම මං තරගෙ දිනුවා සැරසෙන්න එලවන්න කියා කන වැකුණා ඩෝo හඬ මාව ඉර ඉස්සරහට දැම්මා වෙඩිල්ලත් පරදන්න ඉතින් මං දිව්වා ටිකෙන් ටික ඔක්කොමල පස්සටම කෙරුවා ඉදිරියෙම මං ආවෙ බලන් එක එල්ලේ හිතුවෙ නෑ එක පාර ආව වෙව්ලිල්ලේ කකුල් දෙක පණ නැතිව වැටුනි පෙරලිල්ලේ අම්මෙ ඇයි අන්තිමට පොස්ටිනෝ ගිල්ලේ
කවිය බලන්න
කරමු අරගලය නවතා

කරමු අරගලය නවතා

සරත් සී. මුදන්නායක

දකී හැමතැන රටේ අරගල බැලූ බැලූ තැන මොනතරම් වයනවා අපි සැරට වීනා බිහිරි අලි ඇත ඉදිරියෙන් විසදුමක් නැත බෙදී සීකඩ වෙන වෙනම යයි උන් ගමන් අපට ඇත්තේ අපේ පිහිටයි නිතර සිහිපත් කර බලන් පාලකයො රට කෑව කිව්වට යටිගිරිය පුප්පා කිපී උදව් කෙරුවා අපිත් උන්ටම කරන්නට උන් දේ රිසී අද්දවනු බෑ ඇතුන් ලව්වා කරපු අනුවන කම් අපි හැත්තැ හතරක් ගිහිල්ලත් බන් තේරුමක් ගනු බැරි සැටී දුදන පාලකයින් පනී රට අපිට උන් කිසි නොම වටී මැරෙන තුරු රට යන්න නොසිතමු උන් ගියා හොදටම ඇති නෑර බිම් අඟලක්ම වැව්වොත් අහර රටටම හිග නැති වගා සංග‍්‍රාමයේ විරුවෝ ඔබයි ආදර රට වැසී ණයට කාලා ණයට සැප විදි ලොව කදිම ජාතිය අපි දෙන්න වෙනවා ගත්ත ණය පොලි ණය කරුවො පස්සෙන් එති ලාංකිකයෙකු වීම උඩගුයි ලියා තිබුණත් මොන වැකි වඳ වෙලා යන ජාති අතරින් දහය ඇතුළත අපි ඇති පිටස්තර දීපන්කරෙන් ගෙන බොහෝ දේවල් ණය වෙවී අවැසි දේ පමණක්ම ගෙන එමු එයද මතු මතුවට වටී දේශයේ දේ සිරිම සැප දේ අරුත බල ගන්වනු නිතී සුපිරි නිමැවුම් කරමු රටතුළ ලොවම ජය ගන්නට හැකී රජයෙ විතරක් සේවකයො ඇත ලක්ෂ දහඅටකට වැඩි දිනක් වැඩ නොකොළොතින් පාඩුව කියන්නටවත් නොම හැකි අපේ වල අපි කපා ගන්නව නොඅඩුව ම ඒ අපෙ හැටි දැන් ඉදන් වැඩ කළොත් ඹක්කොම මැරෙන්නට හැක ණය නොවී පෙරත් උවදුරු ඇවිත් තිබුණා කළින් කලට මේ වැනි ගහේ පොතු ගත්තාලු අහරට ආදියේ විසු රට වැසී නොසිතූ විලසින් නැගී සිටියා දුරලමින් දුක් සාගිනි දැන ගනින් ඒ අපේ හැටි බොල ඇත්තවුන් හෙල ජානැති රජයෙ කොමිසමෙ බොහෝ තියෙනව වැවීමට හැකි මුඩුඉඩම් වවමු අපි අල බතල එලවළු පුරන් වී ගිය කුඹුරු බිම් රටට කහවනු ගේන තේ පොල් රබර් වවපන් ඇති තරම් කෝපි කුරුඳු ද ගම්මිරිස් සහ කරාඹු ද මිල වැඩි තරම් යෝධ කොල්ලෝ කෙල්ලෝ එමටයි වාසිටිය පුරවා ඇතිි පෙරලපන් පස් වන්නටනම් යකඩ වැටි පෙරලපු තොපි දියකරත් හන්තාන ගලනා බොරදියේ මඩ පාටැති නවත්තාපන් සරු කරන්නට මහවැලියෙ යන පස් වැටී කාල විසිකරනා ඇටේ පැල වෙනා පොළවක් හිමි ඇති නිධානෙක උඩ ඉදන් තාමත් දුක්විදිනවා නොවැ අපි අපට බැරිමුත් කරන්නට වැඩ දුන්නහැක ඔවදන් නිති ඔබට හැකිවෙයි ගන්න රට ගොඩ දකින්නටවත් මට බැරි
කවිය බලන්න
ලගින් ඉද තොදොල් වන්නට

ලගින් ඉද තොදොල් වන්නට

සුජිත් ප්‍රියංකර

නිවුණු ඉර ලඟදි හමුවෙමුද දවසක් කෝවිලේ එළියෙන් පුජාවෙ හඬ ඇහෙන වැව් කණ්ඩියේ මාර ගහ යට පරිස්සමට වාඩි වෙලා අහස පොලොව ගැට ගහන්න අපිව ඈත් කළ මනුස්ස කම් ගැන එක බසක් උගන්වා වෙන් කල උන් ගැන ආගම් කියා ගෙන මරා ගන්නා උන් ගැන සුදු ඇඳන් විත් දුම්මැස්ස අතගාන උන් ගැන කඳුළු වලට කරන්න දෙයක් නෑ එකම දේ ඇස් රතු කරන එක විතරයි අඬන්න නොවේ හිනාවෙන්න ලෝකයක් හදමු අඬන ඇස් වලට හිනාවක් දෙමු හැමදාම මස් කඩේ අයියට මාළු කඩේ මල්ලිට කැන්ටිමේ කොලුවගෙ මූනට හිනාවක් අරන් අපි ආපහු යමු අපේ උන් ලඟට අත් වැල් බැදගෙන හෙටක් හොයාන කථා කරන ඇස් දිහා නොබලන උන් නුඹේ ඇඟ දිහා බලා ඉදී කට ඇරන් පිටට ඇලුණු කුස දිහා බලයි කෙළ හලහලා පෙරේත කමින් නුඹ ස්ලිම් කිය කියා ආයෙත් දවසක හිරු නිවුණු සද නිදි රෑක පිච්ච මල් ඇතිරුණු පලසක් මත හිද නුඹ ලඟින් ඉදගෙන තොදොල් වන්නට හීන නම් මියැදෙන්න එපා ආයෙත් 19/09/2022
කවිය බලන්න
දුවන්නෙ අපි  ...

දුවන්නෙ අපි ...

සමන් කුලරත්න ඔස්ට්‍රේලියාව

දුවන්නෙ අපි සිහින පස්සේ උන්මාදෙන් උදම් වෙලා සිතන්නේ අපි පැතුම් ඔස්සේ සිඳ අක්මුල් පුස්සෝ වෙලා දුවලා දුවලා නැවතුනාම නැවතුම්පොළ පාලු වෙලා අත දෙන්නට කිසිම කෙනෙක් නැහැ එදාට ඉතිරි වෙලා නොපමාවී යන ගමනක් යමු ඔක්කොම එකතු වෙලා ලස්සන දවසක් හදන්න නැත තවමත් පමාවෙලා
කවිය බලන්න
මග බලමි නුඹ නමින්

මග බලමි නුඹ නමින්

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

මා තිසර විල් ජලේ විකසිත පෙම් කැකුළ සොයන් ඉගිල එන්න පිපි මල්ගොමු තුරු වියන් මැදින් නුඹ ඉගිළ එන තුරා මගේ හද මදුරු දොර ඇරන් මේ කඳුළු තොටුපළේ මම මග බලමි ඔබ නමින් පිල් විදා රඟන රණ මොණරුන් මල් උයන් පුරා ලං වේද සුපිපි කුසුමක උන් බොන්න රොන් උරා මල් දුන්න බිඳී අසරණ වී ඇතත් මල්සරා පරවෙන්න දෙන්නෙ ඇයි පිපි කුසුමකට රොන් පුරා මියැදෙන්න වුණත් මලසුන් මත පාර මලක් වෙලා පුද දෙන්න බැහැනෙ බිඟු කැළකට බොන්න පෙති තලා මල් සුවඳ සොයන බමරුණි රොන් වෙතම සිත් නොළා සිප ගන්න පමා ඇයි මම මෙහි ඉන්නෙ මග බලා
කවිය බලන්න
සඳ පහන් රැයේ ගඟ..

සඳ පහන් රැයේ ගඟ..

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මේ ගඟ පසුකොට යන හැමවිටම සිහිවෙයි මට නුඹ ද දිනෙක බොරය එහි දිය දිනෙක පැහැදුල් ය අපමණ නමුදු කිසිදින මේ ගඟ සඳ පහන් රැයක මා දැක නැත. පියා නෙත් මොහොතකට බරකොට හිස රිය අසුනට ඉදින් බැලුවෙමි මම සඳ පහන් රැයේ ගඟ දෙස වේගයෙන් ඇදෙයි රිය මධ්‍යහ්න අඳුරු අහසක් යට සොයා ගමනාන්තය සැබැවින්ම සඳ පහන් රෑ ගඟ අහා ! කෙතරම් මනරම් ද තරු අහුරු ගං දියේ ඇවිළේය උණපදුරු නැවී හාදුත් දේය රිදී දිය තළා මින් පිහිනාය වලා බිජු ප්‍රීතියෙන් සසැලේය නුඹ සුසුම් සවන් අග රැව් දේ ය යළිත් ඇස් අයාගෙන කවුළු තිර මෑත් කොට බැලූ සඳ ගඟ දෙස අහෝ ! නොදුටිමි ගඟ එ ගඟ පසුවී ගොස් ය.
කවිය බලන්න
The Wind

The Wind

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

The Wind Now my life is a sail Abandoned by delighted wind Lost my way like in a maze No light house, no way, time is wasting Wind roars lazily on perilous sea It slants on before my eyesight Hurly burly sea climbs up Shattered ships hop May a pregnant dawn burst open again And barricaded darkness be driven away Mysterious whirl-wind, be gentle! Peace be on blue sapphire sea
කවිය බලන්න
අරගලය රජු සහ රැජින

අරගලය රජු සහ රැජින

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

කවුරුත් එකයි හොඳ වෙනසක් කරමු කියා නටලා කස්තිරම් සුපුරුදු තාල වයා රට හා උරණ කංඩායම් එකට තියා හුළු අතු අරන් තැන තැන ගිනි තියා ගියා අරගලයෙන් නව රජු ආ දිනේ සිට කෙඳිරිලි හඬක් වත් නෑ ඒ කැක්කුමට බළලුන් වගේ කීකරු වී ඉන්න විට කලබල කළේ මුදලට දැයි සිතේ මට ලන්ඩන් රැජින මළ ආරංචිය මැද්දේ ලංකා මුහුණු පොත උණු කඳුළැලි විද්දේ තම රට අවුළු වන්නට දර දිය ඇද්දේ උන්ටයි වැඩි ම දුක රැජිනක යන සද්දේ අටසිය පහලොවයි නවසිය හැත්තැ එක අතරේ සටන් විය රැජිනව හෙළා දැක එතුවක් පටන් වුන කලබල සියල්ලක රැජිනයි රටයි කොයි පැත්තෙ ද බලව් දැක
කවිය බලන්න
සත්‍යාවබෝධ කළ කොකබුරා

සත්‍යාවබෝධ කළ කොකබුරා

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

නැවත නැවතත් සිනාසෙයි ඌ, මහා සද්දෙන් නැවත නැවතත්. කාටදෝ ඌ සිනාසෙන්නේ, ප්‍රීතියෙන්වද මේ උදෑසන? කටුසු භෝජන රිසි ලෙසින් ලද, ප්‍රීතියෙන්වද සිනා සෙන්නේ? විය නොහැක එය. වැස්ස සීතල, තදින් දැනෙනා මේ උදෑසන, දුක් ගැහැට නොතකා සිටින්නට, වන්න ඇති මේ, වියරු සිනහව. කොතෙක් ඇති දුක් ගැහට ඌ හට, කුඩා දුක් වුව සසදනා කළ. මිනිස් වග පෙළනා ගැහැට මෙන්, අවුල් වියවුල් නොමැත ඒ දුක්. නොමැත තන්හා, නොමැත වෛරය, නොමැත කිසිකළ පෙළීමක් අන්. කවරදාවත් නොවේ සොරකම්. නොවේ රැවටුම් ඉරිසියා නැත. එයින් ලද තෘප්තියෙන් දෝ ඌ, සිනහසෙන්නේ මහා සතුටින්? එසේ නැත්නම් නිරායාසෙන්, හඩනවාවද? ජන්ම සිරිතට මිනිස් අප දකිනේ සිනහ ලෙස අපේ මනසේ පිළිබිබුවමද? (නිහඩ පාසල පොතෙන්)
කවිය බලන්න
පටාචාරා රිමාන්ඩ් භාරයට

පටාචාරා රිමාන්ඩ් භාරයට

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

පටාචාරා රිමාන්ඩ් භාරයට නිර්මානය: "මාළිගාවෙ පිලි, වැලේ එකම හැඩ. - වනා තිබු යට අමුඩ. හොරා ගෙන ගිහිල්ලා - ඒවනම් කසඩ වැඩ ඉන්න බෑ සාමිනේ - තව තවත් වී නිහඬ සේද මාවතෙන් - ණයට ගත් රට අමුඩ " කටුපුල්ලේ වෙර දරා හතර අත බුර බුරා අරුන්දෑ කබ කඩා දෑස් අරිනා තුරා උසාවිය දෙවනත් කරා "සෝපාක නම් ඉතිං හොරකමට නම් දරා " ඇස් බැදපු බවලතා තීන්දුව ලිව්වෙනම්, නීති පොත් ඉර ඉරා. " ගද ගසන වසුරු කද.. පුර මැදින් ගෙන ගියා... නුවරුන්ගේ අභිමනට ලොකුම විපතක් මෙයා " සෙබලු අවි අමෝරා පාර දෙවනත් කලා සුනිතව සොයා දෙව එක දිගට කිය කියා බාරානසී පුර තක්ෂලා දෙවනත් කලා දරුවන්ද සැමියාද හැර ගියේ එක පෙලට මව පියා දැවෙනවා මහ ගෙදර වහල යට ඉතිං තව හැදිවතක් කුමට දෝ ඈ ඉනට පටාචරා ඉනෙන් ගිලිහුනා සළු බිමට. නිරුවතින් මග දිගේ අයාලේ ගිය බවට සිතාසියටත් කලින් මාංචුව ඇගෙ අතට. අඩු බරින් කල් ඇතිව මෙලෝ ආ පාපයට පුතු මිය ගියේ තෙල්,පෝලිමේ තෙරපුමට. මිය ඇදුන පුතු සිරුර මලක් සේ ගෙන අතට ගෝතමි දිව ගියා හඬ හඬා මග දිගට. කැලලක් කලේ, යැයි රජුන්ගේ කිතු ගොසට පැටෙව්වා ගෝතමිය සුදු පාට අස් රියට සිනාසී යලි හැඬුව බොහෝ දුර දැක එදා නොනැවති හඬනවා අසිත තවුසා මෙදා
කවිය බලන්න
තුන්වැනි පන්තිය

තුන්වැනි පන්තිය

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

සෙනඟ බොහොමයි මැදිරියේ තෙරපෙන තැලුම් කන පීලි මත සෙමෙන් ඉදිරියට ඇදෙන ඉඳ ගත්තවුන් සිහිනයක සැතපෙන මළානිකව කට්ටියක් හිටගෙන කොහෙට හරි වාරු වුණ එළියෙත් සටනක එල්ලීගෙන තනි අතකින් තවත් දවසක් ගෙවන්න අතින් කටින් එල්ලන් කන්තෝරු මල්ල මට්ටම් ලීය ආසන යටට තල්ලු කරගෙන සහල් එළවළු ලෙසින් ගෙදරට අමෘතය රැගෙන යන්නෝය බාගෙට ලිහුණු වස්ත්‍රෙන් හෙට උදෙත් මේ ලෙසම ඔක්කොම ඒවි රට ගොඩ නඟන රාජකාරියට පිය මනින්න ජීවිතය රැඳුනොත්
කවිය බලන්න
ප්‍රේමයේ ගල් තැලුම්

ප්‍රේමයේ ගල් තැලුම්

සචී ජයවර්ධන

මම අහන්නද ඔබෙන් ගිනියම් වන කල්වාරියේ විලාපය අතරින් කුරුසයේ බර දැනෙන විලාපය අතරින් මේ දැවෙන ඉර යට සෙවණ හොයන මග්දයේ මා ප්‍රේමිය මරියනි.... ප්‍රේමයේ බර ඒ තරම් නම් ජීවිතේ බර නොතරම් දරා මරණයෙන් පිබිදෙනවා නම් යළිත් (අ)පිරිසිදු අතින් නොවන ගල් තැළුම් ප්‍රේමයක් වෙමු පුනුරුත්පත්තියෙන් අනේ ප්‍රේමිය... නොවී ඉක්මන් වී පරිස්සම් මම රැඳී ඉන්නම් ගන්ධබ්භයේ රූපෙන්......
කවිය බලන්න
යතාර්ථය

යතාර්ථය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

බැබළුනත් සඳ දන්නෙ නෑ නොවැ බැබලෙනා බව නිලඹරේ බැසගියත් ගඟ දන්නෙ නෑ නොවැ ගලා යන බව මිහිමතේ පිබිදුනත් මල් දන්නෙ නෑ නොවැ පිබිදෙනා බව නටු මතේ ලංවුනත් නුඹ දන්නෙ නෑ නොවැ නොරැදි බව නුබ මගෙ සිතේ ---- සඳ දිලේ තරු පිරිවරාගෙන නුදුටුවත් තරු නුබ කුසේ ගඟ ගැලූවත් දෙගොඩ තලමින් ඒ වගක් දිය නොදනිතේ පාට බොදවී පිබුදුනත් මල් වර්ණ කිසිවිට නොසිදිතේ ඔබ ඔබේ ළඟ නොසිටියත් මා ඔබේ ළඟ යයි නොහැගෙතේ ---- සඳට කිසිදා නොහැක දිවිතුරු වදන් තෙපලන්නට මුවෙන් ගඟට කිසිදා ගැලූවත් බැහැ ගලන්නට උඩුගම් දොරෙන් මලට කිසිදා නොහැක මුකුලිත නොවී ඉන්නට නටු අගෙන් ඔබට කිසිදා නොහැක සසරෙහි මටම ලංවෙන්නට හදෙන්
කවිය බලන්න
දෝතක් ඇති

දෝතක් ඇති

සපුමල් බන්ඩාර ලන්ඩනය

ඔබේ හදවතේ ඇතුලට යන්නෙමි නම් ගොසින් සොයමි ගිලිහීයන ආදර අන්දම් මනස ඔබේ විකසිතකර අවසර දෙයිනම් ගොසින් මකමි ඔබසිත මා රිදවූ දිනයන් සද පායන රැයක වූවද වැසිවෑහේවී හිරු පායන දහවල වුව නෑවීයාවී සිත පොදිකර ආදරයෙන් වෙලිලායාවී හිරුද සදුද හඩවා වැහිදිය වැටුනාවී සයුරුපුරා ඇති ජලකද බොනුනොමවේවී කෙතරම් දැරුවත් සැමදා ලුනුරසවේවී මාහද පොකුනේ ආලය දෝරේගලාවී දෝතක් ඇති ඔබෙ හදවත සිහිලකරාවී
කවිය බලන්න
මගේ මන්දිරය

මගේ මන්දිරය

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

දෙනෝදහක් පා නගනා මන්දිරයකි මගේ නිවස අහස වහළ පාර පොළොව දොරවල් නැති මේ නිවහන බිත්ති ඈත රත්වු ගෙබිම යහන පදික වේදිකාව නෙත් පිනවන විලාසිතා ජනෙල් කවුලු මට හිමි නැති අය නොකරමි කිසිම මිළක් ගෙබිම මැදින් යනෙනා විට කරුණාබර හදක අතක් පසුම්බියෙන් දෙයි තඹයක්
කවිය බලන්න
Autumn Woods

Autumn Woods

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

Life is like seasons The sun is shy It's going to hide Green changing To red and orange The sky is sad Because the sun is gone Darkness is quick Deep ..deep.. Very deep Sinelya Fernando New ash green primary school. Year 4
කවිය බලන්න
අම්මා

අම්මා

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ගණඳුර කපාගෙන එන සඳ සිහිලැල්ලේ කරදර මැදින් සිටිනට හැක සැනසිල්ලේ දිවි බර දරා වෙහෙසෙන මව එක එල්ලේ වැඩ කරනවා මිස නොසිටී නැවතිල්ලේ නන්නාඳුනන දීපංකර වෙතට ගොසින් තිරිසන් සතුන් වැනි මිනිසුන් අතර බයින් වද හිංසා කුරිරු ලෙස ලැබ හරිම දුකින් උපයයි ධනය මව දරුවන් රකින අටින් ආදර වැසි නිසා දිවියට සැප වස්සයි සුවදෙන එවැනි මහ වැසි ඇත්තේ විස්සයි සැම වැස්සටම තෙමුණොත් සැම දුක නස්සයි අම්මගෙ ආදරය මොරසූරන වැස්සයි අපගේ උතුම් ගුණ පිරි සම්බුදු සම්මා සමිඳුට ලොව සැවොම නමදිති හිස නම්මා අපමණ ලෝ සතුන්ගේ දුක් ගිනි නිම්මා සැප දුන් උතුමටත් පණ දුන්නේ අම්මා තෙරුවන වඳිමු අපි දවසට තුන් සැරයක් ඉන් හිමිවෙයි අපට ජය ගන්නට වරයක් ලැබ දුන් අපගෙ මුළු ජීවිතයට හරයක් වැන්දත් මවට මදි දවසට සිය සැරයක් සෙනෙහස කොතෙක් වෙද දරුවන් වෙත තිබෙන ඇසුවොත් යමෙක් මවගෙන් වරදකි එපැණ බසකින් නොහැක පිළිතුරු බඳිනට සොඳින එබැවින් කිසිදු දිනයක නොඅසනු එපැණ
කවිය බලන්න
ජැක්සන් ඇන්තනී කලාකරුවාහට ඉක්මන් සුවය පතා  සෙත් කවි

ජැක්සන් ඇන්තනී කලාකරුවාහට ඉක්මන් සුවය පතා සෙත් කවි

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ශ්‍රීමත් මහා විෂ්ණු දෙවිඳුන් උදෙසා දස දෙස කිතු ගොස පැතිරුණු අපමණ සැම දන සැමවිට නමදින බැතියෙන අසදිස තෙද බල මහ වෙණ සුරිඳුනි ගුරුලාසන මත විකුමෙන වැජඹෙන පින පිස දුක දෙන ගත පිරි ලෙඩ ඇති ජැක්සන් ගැතිහට දිවනෙත හෙලමින සැම දොස දුරුකර සුවබල ලැබ දෙනු දිගු දිවි ඇති කර අපලද නසමින ශ්‍රීමත් ස්කන්ධ කුමාර කතරගම දෙවිඳුන් උදෙසා පුවතර පුබුදන පුරපස පුරසඳ හෙළ පුල පරයන පරසිඳු අපමණ මනහර රුවිනග රණ අවි දරමින රණ දිනු කඳ දෙවි පුර මැද බබළන පියතර වදනැති දුක දෙන ලෙඩ ඇති ජැක්සන් ගැතිවෙත දිව ඇස හෙලමින දුරුකර ලෙඩ දුක සුව බල ලැබදෙනු දිවි දිගු කරමින අපලද නසමින ශ්‍රීමත් සුමන සමන් දෙවිඳුන් උදෙසා දසත බල තෙද නිතර පතුරන වසන සිරිපද ශිඛර විකුමෙන සමත සත සෙත සදන සිරිබර සුමන දෙවිඳුනි සැවොම සුරකින දොසැත සපැමිණි අපල සමඟින ලෙඩැති ජැක්සන් බලා දිවැසින සැපත සැනසුම දෙමින සුරකිනු මැනවි ලෙඩ දුක දුරැර විගසින ශ්‍රීමත් සිද්ධ සූනියම් ගම්භාර දෙවිඳුන් උදෙසා දිවයුරු පරදන අපමණ තෙද ඇති තම බල යොමුකර සැම දෙන සුරකින වම අත ගිනිදළු දකුණත අසිපත දරමින සිඳුදෙවි අසුමත වැජඹෙන පින පල යටකර ඇඳ මත වැතිරෙන ජැක්සන් ගැති දෙස බලමින දිවැසින සුවබල හිමිකර දිවි රැක දෙනු මැන ගත පිරි ලෙඩ දුක දුරුකර විගසින ශ්‍රීමත් ඊශ්වර දෙවිඳුන් උදෙසා සතුරු බල මැඩ කෙසරු සරියෙන නිතර දසඅත බලය පතුරන මහරු විකුමෙන තෙදින වැජඹෙන ඉසුරු දෙවිඳුනි යසස උතුරන සොඳුරු සිත ඇති දුකැති ජැක්සන් වෙතට තෙද බල දිවැස හෙලමින ඉතුරු නොකරම සියලු ලෙඩ දුක් දුරැර සුව දෙනු මිතුරු විලසින ශ්‍රීධර පත්තිනි දේව මෑණියන් උදෙසා පා මෙත ලෝ වෙත දී සිත දාමට නේතුරු සේ දන පීටට පේවුන ලෝ සත ජීවිත සේසත රැක නිති පූජිත පත්තිනි මෑණිය සෝබන පූරිත නේ ගුණ සිත ඇති බැතිබර ජැක්සන් ගැතිහට දිවනෙත පාමින නේ සෙත දී නිති සුවබල ලැබ දෙනු රෝ දුක පාකර දිවි සුරැකීමෙන
කවිය බලන්න
කඳුළු එනකොට කියන්න

කඳුළු එනකොට කියන්න

තුෂාරි ජයසිංහ මහනුවර

ඈත කඳු යායට නෙත් යොමා අතීතය සිහිකරන උදුම්බරා හෙලන්නී කඳුලැලි විප්පයෝගයෙන් උන උනා ගලන කඳුළු ග්ලිසරීන්ම නොවේ ok cut පිලල් මොකට හැදෙනවද මන්දා සරු ගස්වල සාරය උරන් රොඩ්ඩක් කරන්නට බෙහෙත් තුන්ඩුවට ගානක් අඩුයි අද අනේ අපෙ අම්මා.. Rolling Action ඔලුව ඇලකරල පොඩ්ඩක් හිනාවෙන්න නංගී කල්පනාව දුරයි හැතැප්ම ගානක් පාරුවෙ මැද්දෙ මද්දහනෙ කැළණි ගඟේ නැවතුනාම පෙනුනෙ කේඩෑරී වී යන ඕලු මලක් අනේ මන්ද අප්පච්චී පව් කෝ එන්නෙම නෑනේ හිනාව. Cut cut ග්ලිසරින් නැතුවත් ඇඬුවට කෝ හිනාව. ආ ඔය මූඩ් එක හොඳයි නංගි ඔහොමම ඉන්න නියමයි දැන් හිත පොත් කඩේක අතරමන් වෙලා පොඩ්ඩිට ඉස්කෝලෙට ගේන්න කිව්වට හෙටම කෝ ඉතින් ගන්නෙ කෝමද ඉස්කෝලත් සල්ලි කනව හීල්ලුනා තදින්. ආ නියමයි නංගී කෝ බලන්න. ඈන්ගල් එක වෙනස් කරන්න කඳුළු එනකොට කියන්න thanks. තුෂාරි ජයසිංහ මහනුවර.
කවිය බලන්න
සිහගිරි සිත්තරාගේ පුනුරුත්පත්තිය

සිහගිරි සිත්තරාගේ පුනුරුත්පත්තිය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

සිත්තර ඇසින් දුටු මා නුඹෙ රුව රුසිරු සිත්තම් කළෙමි දුටුවන් මත්කර මියුරු නැවතත් නොදකින්න නුඹගේ රුව රුසිරු මගෙ ගෙල සින්ඳෙ කශ්‍යප නරපති කුරිරු මාගේ ගෙලට රත්වන් මල් වැල් දමලා ගෙන යන කලට රටටම අඬබෙර ගහලා සීගිරි පර්වතය මුදුනට නුඹ නැගලා සිටියුරු දුටිමි දෙනෙතේ කඳුළැලි පිරිලා සසරේ කවර දා හෝ නුඹ දකිනු රිසින් දෑසම වසා ගත්තෙමි මියදෙන්න තොසින් බිතුසිතුවමක් වී සිටිනා නුඹ මෙලෙසින් දුටුවිට සිහිවුණා පෙර නුඹ සිටි විලසින්
කවිය බලන්න
ජැක්සන් මගෙ සිංහ රජෝ දැන්වත් නැගිටින්න

ජැක්සන් මගෙ සිංහ රජෝ දැන්වත් නැගිටින්න

උපාලි වීරසිංහ

ලියා තබනට අකුරු අවසර අපගෙ පඬිවර රජානෝ දුවා දරුවන් සැමට යහගුන ඔවා දුන් අපෙ පියාණෛා් දෙසා පඬිවර වදන් හැමවිට හෙළ බසේ ඇදුරුවාණෝ කියා කුමටද එවන් තේජස හෙලයෙ කේසර රජාණෝ ඟුරු ගෙදරින් සිනමාවට අත්පොත් තබමින්න ගිණි අවි සහ ගිණි කෙලියෙන් වැඩ පෙන්නුව දන්න භව දුක සහ භවකතර ද දැහැමින් රඟ දුන්න සිත් හඩවා රඟපැවා ධර්ම යුද්දෙ ගින්න නැටුම් ගැයුම් රංගනයෙන් එකලෙස හැම දන්න මෙවන් පුතෙක් සිරිලකෙහිම ඇත්දැයි පවසන්න සංස්කෘතිය ධර්මය ගැන සැමතැන පතුරන්න ලෝකෙ වටෙි සැරිසැරුවා දැනුමින් ඔප වෙන්න මගේ හුස්ම පොදත් අරන් නුඹ ජිවත් වෙන්න ලක්මැණිට ඔවැනි පුතෙක් තව නැහැ ඉපදෙන්න ඇස් පියාන තවත් ඉන්නෙ බැහැ මට ඉවසන්න ජැක්සන් මගෙ සිංහ රජෝ දැන්වත් නැගිටින්න
කවිය බලන්න
දිය පාර

දිය පාර

උපාලි අත්තනායක මහනුවර

පෙරලි පෙරලි ඵයි හැපි හැපී ගල් බොරළු අතරේ දිය කඩිති උතුරා පිරෙයි ගලා යයි මේ ජීවිතේ නැගෙන පෙන පිඩු විසිරිලා යයි මොහොතකින් ගලයි පහලට නැගෙන බාධා තුරුලු කරගෙන වැටෙන මල් පෙති සුණු විසුණු වී සැඟවිලා යයි සුන්දරත්වය පෙනෙන්නේ මතුපිටට පමණයි. අහස ගුගුරා බොර දියක් ආවා වැසී යනවා කටු පඳුරු රලු කොල පිරී මැකී යනවා ලලිත ගමනේ සොඳුරු බව යලිත් නිල් දිය ගලා එනතුරු බලා සිටිනෙමි දෙනෙත් විවරව පහස ලබන්නට.
කවිය බලන්න
කී නොකී

කී නොකී

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

මා දුන් නෝට්ටුව ගෙන කදුලු සලමින් පින් දුන්නීය ගමේ යන අත් උදව්කාරිය වියපත් මා එතෙරින් සතර ලද්දේ තනිව විදිමින් බව නොදැන සොරාගත් දැයේ ඇයටද උරුම සම්පත්
කවිය බලන්න
සොඳුරු සිත්තම්

සොඳුරු සිත්තම්

විමල් ඇම්. ගමගේ

ළය මත සෙමෙන් සිතුවම් ඇඳි මගෙ සුරතේ උණුසුම දැනෙනවද සිහිනෙන් රෑ සීත අවදිව නොබලන්න පැදුරේ ළඟපාත තනිකම දැනේවී උහුලන්නේ කෝම ඉරයි හඳයි තරු පොකුරයි අතර සිටී ඔබේ නුවන් මගෙ දෙනුවන් වලට ගැටී මතකෙට එනවාද මා වෙත ආපු හැටී පිසදා ගන්න ඔය ඇස් වල කඳුළු කැටී පොඳි බැඳ සිටිය පැතුමන් එක එක පාට ලිහලා පෙන්නන්නේ මින් මත්තේ කාට පහනේ සිළ නිමයි කළුවර එයි පැලට සමාවෙන්න ඔබ තනිකර යනවාට
කවිය බලන්න
බෝතලේ

බෝතලේ

විල්සන් හෑගොඩ

දම මින් ලෝ පැසෙක නලියන විදුරු කැටේ හැම පැත්තෙන්ම හිර වී ගිනි අඟුරු වටේ තම දෑ පිළිබඳව සටහන ඇතිව පිටේ මම ඉපදුනෙමි ස්කොට්ලන්ත නම් රටේ විස් මිත ජීවිතය යළි සතුටට හරවා හිස් කුසයෙන් විසුව මගෙ සිත තුටු කරවා විස් කියි කියන රතු මත් වතුරක් පුරවා රැස් පිට නොයා මුව කිරලැබයක් රඳවා සොඳුරු වතක් සපුරා හිඳ රැයද දිවේ නොදුරු වම විඳින සැප හා සතුට ගෙවේ ඇදුරු පදය ලැබ විදුහල නමැති ලොවේ පිදුරු මැදිව මෙරටට පැමිණියෙමි නැවේ ඉන් පසු මගේ අයිතිය ඇති මුදලාලී තැන් පත් කර සමඟ අන් ඇදුරන් පේලී දැන් වී නඟන බව මා මතු ජය කේළී පෙන් වූයෙමි මමත් හොඳ හොඳ පෙළපාලී දවසක් එකෙකු විදුහල් දොරටුවෙන් වැද මුදලක් ගෙවා ගෙන මා දවටමින් බැඳ වරදක් නොකළ මට වට ඇණයකින් විද කොටසක් හිස් කළා කා හට කියන්නද මත් වී හිස් කරණ ඔහු මගෙ ගැඹුරු කුසේ යුත් වී මහා මීටරයක් මොළය දෙසේ රත් වී දුබල පෑ මතුවිය ඔහුගෙ ඇසේ සිත් වී මෙයයි මට දිය කෙළි නඟන විසේ කිය වන්නෙනි අසව් දෙදිනක් අනතුරුව විය හිස් බවට මගෙ කුස මත් පැන දැරුව දිය කෙළි නැඟූ මට කළ යුත්තක් බැරුව ගිය සඳ ළඳක් සිටි මුළුතැන්ගෙට ගුරුව ඉල්වා ලැබූයෙන් මතු හිමිකමෙහි බල සිල්වා හාමිනේ නම් ඒ පියරු මල අල්වා ගෙන අතින් මිරිකා මෙමගෙ ගෙල ගල්වා තැබී කුස පුරවා කොහොඹ තෙල ගැහැණුන් අතට පත් වූ හැමවිට ඇත්තයි මෙලෙසින් විපත් සිදුවේ එය විය යුත්තයි සැපතින් අනතුරුව දුක් ඇත අනු දත්තයි මට දැන් ජීවිතය මහතුනි අමු තිත්තයි
කවිය බලන්න
-ඔබ නිසා හැරී ආවෙමි-

-ඔබ නිසා හැරී ආවෙමි-

වජිර ජයවර්ධන

හදවතක් පැහැර ගත් විට නොසිතූ මොහොතක ලියා කියා වියා හමාර කළ හැකිද පැමිණිල්ල පැකිනම් වැව් තීරයේද යාරා තීරයේ ද සෙව්වෙමි නීති ගරුක මහ මගද මග හැරී ඇත්දැයි බැලුවෙමි අහස් වියන් නැති මොහොතක තරු රටාවක් අතරේ ඇඳී තිබෙනු දුටුවෙමි ආදරය අහස සේ අනන්ත බව පොළව සේ සෞම්‍ය බව විශ්වීය ප්‍රේමයක් නම් ඒ ඔබම පමණක්ම බව. සිත නොතුබූ අදහසකින් ඇවිලී සිතමින් ආපසු හැරෙන්නට ඔබම හේතුවක් විය.
කවිය බලන්න
🗙