බර වැඩී මගෙ මැණික

බර වැඩී මගෙ මැණික

දියත් රන්සර අතපත්තු පුලතිසිපුර

සදලු තල හීනයක් නෙක වර්ණ රූ ඇතිරූ ඇහිදාර හරි තෙතයි බොර පාට එහි තැවරූ මලානික සිතිවිල්ල මගෙ නමට ඇය පැවරූ දරාගෙන ඉන්න හැක නොබිඳාම බැඳි පවුරූ පරිස්සමින් ඉන්නකොට නුඹ වුනත් කූඩුවේ විචාරක සංසිද්දි , සිව්දෙසින් හාදවේ බොල් හඬට හිනාවී ආව මං තීරූවේ කඩුළු වැට බිඳිණු නැහැ; අපි ඉදිමු පාඩුවේ කළුවරක් හුරු පුරුදු ඔය පුංචි ඇස් වලට ආලෝකෙ බර වැඩී මගෙ මැණික ඒ කමට නසාගෙන තිබු අඳුර ගෙට එළිය එන කලට සඳෙහි ඇති ආවාට නොපෙනේවා මගෙ දුවට
කවිය බලන්න