සිදුහතුන ගිය මග යමින..

සිදුහතුන ගිය මග යමින..

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා

මින් පෙරද ස්නේහයේ තරම් මම දැන දැනත් ජූජකට ඔයා දන් දුන්නා සන් කළත් නොඑන්නට තවත් මයෙ පසු පසින් මෙදත් නුඹ මා එක්ක උන්නා නන් රිදුම් මන් දරා රාහුලත් ළං කරන් පින්බරම සුපිපි වත පෙන්නා නින්දෙනුත් හිනහෙනා ඔයා ගැන හිත බරින් ගිහිගෙයින් මෙමා නික්මෙන්නා.. සුන් කළෙම් පොරොන්දුව පෝරු මස්තකේ දුන් "විඳුම විඳවුම එකට දෙන්නා" දන්නවා එන්න බෑ මවු සෙනේ ළයෙන් හැර නිවෙන්නට කෙළෙස් කර පින්නා කන්තකත් චන්නවත් පසු ගමන් නොආවට අනෝමා ගං තෙරින් පැන්නා සන්තකේ තිබ්බ වටිනාම දේ හැරුම ගැන හිතුව දවසෙදිම මම දින්නා
කවිය බලන්න