ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

A Dilemma….

A Dilemma….

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2024-June

කාලයක් මුළුල්ලේ සුපුරුදු විදියට
සැමදාම උදෑසන
Good morning…
දුරකථන මුහුණත දිස්වේ
ඔබගේ සුබපැතුම.
ඔයා ඇහැරිලා නේද මැණික?
මට හිතෙන්නේම
අහනවා ඇත්තේ එහෙම.

Working now?
කෙටි පණිවිඩය දුටුවම
මට දැනෙන්නේ ම ඔයා කියනවැති
කරදරයක් වුනේ නෑනෙ
මග තොටේදී එහෙම.

ගෙදර යන්නයි හදන්නේ
මම කියනකොට
Take care කීවම
මට ඇහෙනවා ඇහෙනවා වගේ.
පරිස්සමින් යන්න හොඳද
මම ඉන්නවා වස්තුව ඔයා ලඟම.

නින්දට යනවිට
Good night බබෝ..
Sweet dreams කියනකොට
මම දන්නවා කියන බව
ඔයා තමයි ඉන්නේ
මගේ හැම හීනෙකම.

අනේ මන්දා ඇයි
මට දැනෙන්නේ මෙහෙම.

එක්කෝ මට
ඉංග්‍රීසි තේරුම් ගන්න බැරිකම.
නැත්නම් සිංහලත් හරියට
තේරෙන්නෙ නැතිකම.

ඇත්තටම මොකද්ද ඒකෙ තේරුම???