පැතුම
කඩමාලු ගත රැඳෙන ගුරුපාට හිනාවේ
ගැබ සෙමෙන් පිරිමදින විඩාබර කතාවේ
සුරත රැඳි පුවරුවේ පිරුණු වාසනාවේ
තතු කියා නුඹ ඇදෙයි පදිකවේදිකාවේ
දිය බිඳත් අමාරස ගෙනෙන ගත විඩාවේ
සොච්චමක් සොයන සඳ වේල දෙක පමාවේ
සෙමෙන් පියවර තබන, තාල නැති, කලාවේ
නුඹේ දුක දැනී හිරු වළා තුල මුවාවේ
බුදු පදවි, රජ කිරුළු අහිමි දිවි කතාවේ
බිම්බරක් දුක සෙමෙන් හදවතේ මුවාවේ
කපුටු බෝ සෙවන යට ගිම් නිවන වෙලාවේ
සෙත සඳන අඟුල්මල් පිරිත සිහිවුනාවේ
නැඟෙන පීඩා සිඳී සතුට ළංවුනාවේ
කුසට වැඩි බර හිතේ ඉතින් නිමවුනාවේ
ලෑලි, පොල් අතු මැදුර ගලින් ඉදිවුනාවේ
අපට නොව මුල් දිනුම නුඹට හිමිඋනාවේ
ගැබ සෙමෙන් පිරිමදින විඩාබර කතාවේ
සුරත රැඳි පුවරුවේ පිරුණු වාසනාවේ
තතු කියා නුඹ ඇදෙයි පදිකවේදිකාවේ
දිය බිඳත් අමාරස ගෙනෙන ගත විඩාවේ
සොච්චමක් සොයන සඳ වේල දෙක පමාවේ
සෙමෙන් පියවර තබන, තාල නැති, කලාවේ
නුඹේ දුක දැනී හිරු වළා තුල මුවාවේ
බුදු පදවි, රජ කිරුළු අහිමි දිවි කතාවේ
බිම්බරක් දුක සෙමෙන් හදවතේ මුවාවේ
කපුටු බෝ සෙවන යට ගිම් නිවන වෙලාවේ
සෙත සඳන අඟුල්මල් පිරිත සිහිවුනාවේ
නැඟෙන පීඩා සිඳී සතුට ළංවුනාවේ
කුසට වැඩි බර හිතේ ඉතින් නිමවුනාවේ
ලෑලි, පොල් අතු මැදුර ගලින් ඉදිවුනාවේ
අපට නොව මුල් දිනුම නුඹට හිමිඋනාවේ