සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

2025 මාර්තු කලාපය

වැලන්ටයින්

සප්‍රයිස් මල් පොකුරක් ඈ අත
රස විඳියි කැඩ්බරියක් ටික ටික
තම සුරතලියගේ හිස සිඹ ඒ පෙම්වත,
"හැපි වැලන්ටයින් මැණික"
කියනවා ඇසුණා හෙමිහිට.....

උදේ ම කෝච්චියක් යනවාලු නුවරට
පෙම්වතුන්ට විතරමලු අවසර
වැඩ බිමේ බිල්ඩිමේ කොනක
තබ ඇති පරණ රේඩියෝවෙන්
හුරතල් හඬකින්....
දැන්වීමක් ඇහුණා එහෙම

අම්මපා.... මටත් හිටියා නම්
හැඩකාර කෙල්ලෙක්.....
හවසට බීලා, ඉවරකරන සල්ලි
ඉතුරු කරන්න තිබුණා, තෑග්ගක් ගන්න...
අත් උදව් දෙන, කම්කරු කොලුවා,
මිමිණුවා තනියම.......
View Poem