ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින්

වැලන්ටයින්

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2022-February

සංසාරේ බැඳි පෙම්දම් පුරාගෙන
වෙනතක් බලන්නැයි කීවත් හඬාගෙන
පොල්කිච්ච් අකලට නෙත් පියාගෙන
පොල්කිච්චා ඌ නෑ සිල් පවාරන

මියගිය ඇත්ති ගැන කොච්චරවත් සිතන
එච්චර නොවේ ඈ ගැන ගී වැල් ගොතන
නැට්ටිච්චියෝ ඉඟි මැරුවත් නොම තකන
වැලන්ටයින් පොල්කිච්චා සිල් රකින

බසයේ දුම්රියේ මගතොට මුන ගැසෙති
කෙටි පණිවිඩ මුලින්, ඉන්පසු මල් කඩති
ඉස්පාසුවක් නෑ අහු මුළුවල ලගිති
වැලන්ටයින් කොටහක් එහෙමත් සිටිති