අලගියවන්න මුකවෙටි තුමා

2025 පෙබරවාරි කලාපය

සුභාෂිතයේ සිත්ගත් කවි

අබරණ සමඟ සිටි පිරිවරද තම වෙත
නොදෙරණ තැන යෙදුව හොත් නොම වේ දිමුත
අපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත
සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත

ආභරණ සහ තමා ළඟ සිටියා වූ පිරිවර ජනයන් ද නොනිසි තැන යෙදුවහොත් බබළන්නේ නොවේ. එසේම මුළු ලෝකයෙහි සියලු රජ ඉසුරු ලද නමුත් ශිඛාමාණික්‍යය පයෙහි බඳ හොත් අපහාස කරති.
View Poem