උරුමය ද කරුමය ද
ඉඳහිට අඬන අහසේ කඳුළින් තෙමෙන
නිදියන රැයට කුසයේ ගිනිදැල් නැගෙන
දහදිය සමග දිවියම දියකර හැරෙන
බණපද ලෙසට කිව්වෙත් දුකමයි විඳින
දිව්වත් හුඟක් දුර පසු පස නොබලාම
සෙව්වත් සැපක් නිති ලැබුනෙම දුකබෝම
ගෙව්වත් ටිකක් පව් තිබුනෙන් නොගෙවීම
යහපත් මගක් ඇස නොගැටුනි කිසිසේම
තැබුවත් සිනිඳු මෙට්ටය මත සුව දැනෙනා
බැසවිත් යළිඳු කුණුරස සැප ලෙස ගෙවෙනා
අයටත් කවුරු කිව්වද බණ කන පිරෙනා
කවදත් නොහැක පින දෙන්නට පව මැකෙනා
විඳ විඳ නේක කරදර දුක දිවියේම
තව තව බෝම යන්නට ඇත සසරේම
දැන දැන සිතට බෝ දුර බව සැනසීම
කරුමය නොවෙද පව අසලම නැවතීම
නිදියන රැයට කුසයේ ගිනිදැල් නැගෙන
දහදිය සමග දිවියම දියකර හැරෙන
බණපද ලෙසට කිව්වෙත් දුකමයි විඳින
දිව්වත් හුඟක් දුර පසු පස නොබලාම
සෙව්වත් සැපක් නිති ලැබුනෙම දුකබෝම
ගෙව්වත් ටිකක් පව් තිබුනෙන් නොගෙවීම
යහපත් මගක් ඇස නොගැටුනි කිසිසේම
තැබුවත් සිනිඳු මෙට්ටය මත සුව දැනෙනා
බැසවිත් යළිඳු කුණුරස සැප ලෙස ගෙවෙනා
අයටත් කවුරු කිව්වද බණ කන පිරෙනා
කවදත් නොහැක පින දෙන්නට පව මැකෙනා
විඳ විඳ නේක කරදර දුක දිවියේම
තව තව බෝම යන්නට ඇත සසරේම
දැන දැන සිතට බෝ දුර බව සැනසීම
කරුමය නොවෙද පව අසලම නැවතීම