ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ස්වප්න ගීතය

ස්වප්න ගීතය

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2023-May

මල් පිපෙන වස්සානෙ
උදම් වෙයි ගිම්හානෙ
ලබන කල්

ගම් දනව් සිසාරා
වැසි වැටෙයි ගංවතුර
ගලන කල්

උණුසුම්ය ජල අංශු
සීතලට අසුවෙලා
මිදෙන කල්

තාරුකා සළු එලයි
රාත්‍රිය තුටින් හිරු
නැගෙන කල්

ඔබ මගේ ඇසට වී
සිහිනයක් අඳී
මා නිදන කල්

එහෙව් හැම රෑකදිම
මම ඔබව සොයමි
හිත රිදෙනකල්