දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

2022 නොවැම්බර් කලාපය

මානෙල් මල්

මතකයෙන් බොහෝ සේ ඈත් වී

තිබුණු මානෙල් මලක් විල් තෙරක

යළිදු දුව විත් සිතට හදිසියේ

යොවුන් විය දැල්වීය අඳුරු ගැබ

 

වියපත්ව දිනක බටහිර රටක

සිහින දකිමින් එවන මව්බිමෙන්

සිටින සඳ දහස් සැතපුමක් දුර

විසිර ආයේය ඒ මල් සුවඳ

 

සිනහවක් වචනයක් නොලබා ම

මලක් ගිළිහී ගියේ මා අතින්

දෛවයද ඒ මැදට පැමිණියේ

නොයෙක් වර අසන්නට සිතුනි මට

 

එදා මෙන් නැවත මම තනිවීමි

ජීවිතය කාරුණික නොවේ මට

ගං දියක පිදුරුපත් ළඟට විත්

යළිදු පාවී යාය දෙපසකට

 

ජීවිතේ බොහෝ දේ අත හැරී

හැඬේන මුත් මා ගැනම දුකින් සිත

මලක් යනු නෙලාගත් කාට හෝ

සුවඳ මිස අන් කිසිත් නොදෙනු ඇත
View Poem