පැරදුම.
රිදෙන හදවත පිරිමදින්නට, සොයා හද ගැඹුරේ දුරින්...!
පිපෙන මල් පරවෙලා වැටුනට, නටුව ගස හැර නොම ගොසින්..!
සිතෙන සිතුවිලි කවි කලත් මදි, "අත්හැරීමයි " හදවතින්..!
වැටෙන විට සිත, නැගිට ඉන්නට සවිය දිය යුතුවේ නිතින්..!
ලොවක් සොඳුරුම රැයක් දල්වන ,
රුවන් එළි දැල්වෙන පැයේ...!
දිනක් දිනකර සොරාගත්තද ,
පසු දිනට සඟවා දියේ..!
දුකක් හදතුල රිදුම් පිටකර ,
සුසුම් හිර කරනා ලයේ..!
ලොවක් ඒ බව නොදන්නාමුත්,
"පහන් කණු යට එළි තියේ...".!
ගතේ දැවටෙන සීත පිණිබිඳු ,විඳිණු රිසියෙන් ඉගිලිලා...!
හිතේ හයියට නිලඹරේ තතු ,නොදැන අත්තටු රිදවලා.. !
සෙතේ කිමදැයි "කැට කිරිල්ලිය ,"පස් පිඩැල්ලක සැඟවිලා...!
වෙතේ ගිජු ලිහිණින්ට පැරදුම ,තනිව හොට බිම පැටලිලා..!