ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ යබුරිගේ රමණය
ඒ රමණයා රම්‍ය වඩන්නට
“රමහාව” නම් වූ රමණීය සමඟ
රාගයෙන් උමතු ව - රංජනයේ
දඟ දනු දිටී රම’ඹුව...
* “...නිදිබර සුසුම් රොදක්-රහසක් මා සිතට කියයි...
සියුමැළි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමෙන් සිඹියි...
පතුල සිඹින වසින වරල - ගන මේකුලු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි-ඇලි - ගලන දුහුල
රමණී...නිලන නිමල සිහිලිඹ පිරි - නයන
1
පොකුණු සොබනී...සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී...”
මන්දාර උයනේ - මන්දාර ලතාවක්
සේ ය ඇගේ රූ අසිරිය...
මන්ද ජනනීය වූ මන්දලෝචනය ඇගෙ
සැරසුණේ බිඳින්නට මායිමේ වැට කඩුලු...
මන්දානිල හමන මන්දාරම් වෙලාවේ
මන්දෝන්මත්ත වූ සිතට
පහර දුනි රතියෙන්-පහර දුනි රතියෙන්!
මන්මාලයේ ඇති මදසන් මැදිරියට ඇගෙ
බඩගෑවේ ය රහසින්-බඩගෑවේ ය රහසින්!!
වැරැද්දක් සිදු ව ඇත - මම නිවැරැදි කරමි එය
“මරණී (ය) -රමණී (ය) ලෙසින්!”
* “...සියලු සැප අවසානයෙහි ජීවිතේ
විඳින පරමානන්දයකි මෙය...”
අහා! බලව-බලව හිතවත!!-පරමානන්දනීයයි!!!
2
* “ගිලන් ඇඳේ මා තනි ව ම සිටින විට
අඹු-දරුවන් ළං වෙත මා හදවතට
නිරන්තර ව නැ`ග-බැස යන
ගිලාන කෙදිරිය තුළ - උන්ගේ කටහඬ
මට ගමින් ඇසෙයි-සිහින් සරින්...
ඊ.සී.ජී.එක්ස්රේ...හෘදරෝග
රමණීට අසනීපයි වහා එන්න...”
අහා! බලව-බලව හිතවත!!-වෙස`ගනක් ද කොහෙද... නැත්නම්... ගෑනියක් කියන කතා ද
* “මං නරක ලු! වල් ගැහැනියක් ලු!!
ඔක්කොම මගෙ යාලුවෝ...
ඒ වුණාට මං කැමතියි ඒ ඔක්කොටො ම...”
මේ මටත්...!! ඉටි ගෙඩිය!!! මොන විහිලුවක් ද?
* “රමණී මම කීවෙමි...රමණී...නෑ මම මරණී
මරණී...(රමණී)... - රමණී...(මරණී)...
මම අද නුඔට කියමි - මම නොමියෙමි
2
යළි උපනිමි...මට බෑ ඔබත් එක්ක
ජීවිතයෙන් පැනල යන්න...වඩා කැමති
ජීවිතයට...ඔබට වඩා එය සො`දුරු ය...!”
කෙහෙම්මල! නුඹ කියන්නේ... ගැහැනිය නැති ජීවිතයක් ගැන ද...
එහෙමත් නැත්නම් ගැහැනියක් නැති ජීවිතය ගැන ද...?
එතකොට, ප්රබුද්ධවරිය...??
රමණී මළේ ද...???
මම නම් නොදනිමි, හිතවත!!!
* රත් වණින් ඇත්තේ මහගම සේකර ශූරීන්ගේ“නොමියෙමි” යන කාව්‍ය සංග්‍රහයේ සැහැළි කොටස් කීපයකි. ඊට විකල්ප ව, මා - මගේ සැහැළිවලින් මේ සැහැළිය නිර්මාණය කළ බව කරුණාවෙන් සලකන්න. ඒ මා සේකර ශූරීන්ගේ “නොමියෙමි” උකහා ගත් එක් අවස්ථාවක් විදහා දැක්වීම උදෙසා ම පමණි.
2022/08/01