ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ යබුරිගේ රමණය

ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ යබුරිගේ රමණය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-August

ඒ රමණයා රම්‍ය වඩන්නට
“රමහාව” නම් වූ රමණීය සමඟ
රාගයෙන් උමතු ව – රංජනයේ
දඟ දනු දිටී රම’ඹුව…

* “…නිදිබර සුසුම් රොදක්-රහසක් මා සිතට කියයි…
සියුමැළි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමෙන් සිඹියි…
පතුල සිඹින වසින වරල – ගන මේකුලු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි-ඇලි – ගලන දුහුල
රමණී…නිලන නිමල සිහිලිඹ පිරි – නයන

1
පොකුණු සොබනී…සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී…”
මන්දාර උයනේ – මන්දාර ලතාවක්
සේ ය ඇගේ රූ අසිරිය…
මන්ද ජනනීය වූ මන්දලෝචනය ඇගෙ
සැරසුණේ බිඳින්නට මායිමේ වැට කඩුලු…
මන්දානිල හමන මන්දාරම් වෙලාවේ
මන්දෝන්මත්ත වූ සිතට
පහර දුනි රතියෙන්-පහර දුනි රතියෙන්!
මන්මාලයේ ඇති මදසන් මැදිරියට ඇගෙ
බඩගෑවේ ය රහසින්-බඩගෑවේ ය රහසින්!!
වැරැද්දක් සිදු ව ඇත – මම නිවැරැදි කරමි එය
“මරණී (ය) -රමණී (ය) ලෙසින්!”
* “…සියලු සැප අවසානයෙහි ජීවිතේ
විඳින පරමානන්දයකි මෙය…”
අහා! බලව-බලව හිතවත!!-පරමානන්දනීයයි!!!

2
* “ගිලන් ඇඳේ මා තනි ව ම සිටින විට
අඹු-දරුවන් ළං වෙත මා හදවතට
නිරන්තර ව නැ`ග-බැස යන
ගිලාන කෙදිරිය තුළ – උන්ගේ කටහඬ
මට ගමින් ඇසෙයි-සිහින් සරින්…
ඊ.සී.ජී.එක්ස්රේ…හෘදරෝග
රමණීට අසනීපයි වහා එන්න…”
අහා! බලව-බලව හිතවත!!-වෙස`ගනක් ද කොහෙද… නැත්නම්… ගෑනියක් කියන කතා ද
* “මං නරක ලු! වල් ගැහැනියක් ලු!!
ඔක්කොම මගෙ යාලුවෝ…
ඒ වුණාට මං කැමතියි ඒ ඔක්කො‌ටො ම…”
මේ මටත්…!! ඉටි ගෙඩිය!!! මොන විහිලුවක් ද?
* “රමණී මම කීවෙමි…රමණී…නෑ මම මරණී
මරණී…(රමණී)… – රමණී…(මරණී)…
මම අද නුඔට කියමි – මම නොමියෙමි
2
යළි උපනිමි…මට බෑ ඔබත් එක්ක
ජීවිතයෙන් පැනල යන්න…වඩා කැමති
ජීවිතයට…ඔබට වඩා එය සො`දුරු ය…!”
කෙහෙම්මල! නුඹ කියන්නේ… ගැහැනිය නැති ජීවිතයක් ගැන ද…
එහෙමත් නැත්නම් ගැහැනියක් නැති ජීවිතය ගැන ද…?
එතකොට, ප්‍රබුද්ධවරිය…??
රමණී මළේ ද…???
මම නම් නොදනිමි, හිතවත!!!

* රත් වණින් ඇත්තේ මහගම සේකර ශූරීන්ගේ“නොමියෙමි” යන කාව්‍ය සංග්‍රහයේ සැහැළි කොටස් කීපයකි. ඊට විකල්ප ව, මා – මගේ සැහැළිවලින් මේ සැහැළිය නිර්මාණය කළ බව කරුණාවෙන් සලකන්න. ඒ මා සේකර ශූරීන්ගේ “නොමියෙමි” උකහා ගත් එක් අවස්ථාවක් විදහා දැක්වීම උදෙසා ම පමණි.

2022/08/01