තනියම
සඳ දිය ගලයි අහසින් පැන මිහිමතට
නද දී අඬයි බකමූණෙක් තනි කමට
මද නල ගෙනෙයි පුසුඹක් හුරු මතකයට
හදවත පෙලෙයි එන්නට බැරියෙන් ළඟට
පිපුනට කලුව මැද රහසින් මුලු ලොවට
සුදු පැහැ ඇඳන් සැරසී සිටිමින් රුවට
පිදුවට සෙනෙහෙ දුර දිලිසෙන සඳ වතට
මදු පැන් කොහෙද හිමි විල පිපි කොඳ මලට
තනි නෑ වගේ පෙන්වමි තනි වුවද හිත
පිනි බිඳු නෙමෙයි ඒ කඳුලැලි රැඳුන තෙත
පෙනි පෙනි ඇවිත් හිටියත් හිමි නොමැත අත
මුනිවත රකිමි දොරගුළු හැර පලක් නැත
නද දී අඬයි බකමූණෙක් තනි කමට
මද නල ගෙනෙයි පුසුඹක් හුරු මතකයට
හදවත පෙලෙයි එන්නට බැරියෙන් ළඟට
පිපුනට කලුව මැද රහසින් මුලු ලොවට
සුදු පැහැ ඇඳන් සැරසී සිටිමින් රුවට
පිදුවට සෙනෙහෙ දුර දිලිසෙන සඳ වතට
මදු පැන් කොහෙද හිමි විල පිපි කොඳ මලට
තනි නෑ වගේ පෙන්වමි තනි වුවද හිත
පිනි බිඳු නෙමෙයි ඒ කඳුලැලි රැඳුන තෙත
පෙනි පෙනි ඇවිත් හිටියත් හිමි නොමැත අත
මුනිවත රකිමි දොරගුළු හැර පලක් නැත