ජීවිතය
‘ජීවිතය‘ නම් යානයට
බොහෝ මිනිසුන් ගොඩ වේවි - බැස යාවි
ලඟම වාඩිවූවන්ගෙ හදවතට එබෙන්න පැයකටු කැරකේවි
අතලොස්සක්,
වාඩිගත් ඇසිල්ලෙන්,
එකම රිද්මෙට හද ගැහෙන බව වැටහේවි
ගමනේ දුර,
ටිකට් පතේ කොටා ඇතිබව වැටහේවි
හෝ නොවේවි!
හැමෝම…., හැමටම තනිව හිමි, පොදුවේද දුරක් හිමි ගමන නිමා වේවි
නිරතුරුව සත්‍යම වන එකම කාරණය …. එක දෙයයි එය බැසයාම හෙවත් … මියෙන බව!
කෙදින, කොතැන, කෙලෙස සිදු වෙයිදැයි දෙවියන් පමණක් දන්න චාතුර්ය සත්‍යය ….
ගොඩවෙන සැනෙන් සනිටුහන් යුතුම දේ ,…
ඔබේ ගමන - ඔබ යන්න
ඔබට ඔබ විතරමයි
කිසිවෙකුත් සම නොවෙයි
මඟ හොඳින් විඳ ගන්න
ඉසි-කෝ-මාන නොඉසින්න
අසත්‍ය ගාල් නොකරන්න
ආදරය වපුරන්න
සතුට අස්වද්දන්න
සැනසීම විඳින්න
විඳ සැනසෙන්න
තුටු වෙන්න
තුටින්ම හැරයන්න
ඒ එක්කම ....
දෙවියන් අත කර්මය නම් පඬුර ඇති බවත් තරයේ හිතේ ජීවං කර ගන්න !!!!
සුබ ගමන් අපි හැමට ❤️💐
27/03/2025
Shani