ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජනතාවට අසීමිතව ප්‍රේමකළ, මිය නොයන සත්‍යවාදියා.. සුනිල් මාධව ප්‍රේමතිලක

ජනතාවට අසීමිතව ප්‍රේමකළ, මිය නොයන සත්‍යවාදියා.. සුනිල් මාධව ප්‍රේමතිලක

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-March

කගපතක් විය නුඹේ පන්හිද
රටට වින කල මාරයන් හා
සටන් කල සගයන් හැමෝටම….

පහන් එලියක් විය නුඹේ වැකි
අසත්‍යය නම් අන්ධකාරය
ගිලී තිබු රටකට එදා….

හෙන කඳක් විය නුඹේ කටහඩ
අයුක්තිය රජකල එවුන් හට
බියෙන් සලිතව පරලවන්නට…

පන්නරය විය නුඹේ අදහස්
දුක් විදින අසරණ එවුන් හට
නැගී සිටුමට අසාධාරණ
දෙයක් දුටු කල එයට එරෙහිව..

හදවතක් නැති අවිය අත දැරු
තිරිසනුන් රැල…
පැහැර ගෙන ගොස්
මරා දැමුවා අපෙ තරුණ කැල
එරෙහි වූ කළ අවනිතියට…

එදා අසරණ අම්මලා හට
යෝධ ශක්තිය විය නුඹේ හඬ…
එදා අසරණ පියවරුන් හට
වෙඩිමුරය විය නුඹේ රණ හඬ…
නිදාගෙන සිටි රටක් පුබුදා
එකට එක්වී සටන් කෙරුමට
වීදි බැහැලා හඬක් නැගුමට…

මරණ තර්ජන කොතෙක් ආවත්
අතහැරියෙ නැහැ නුඹේ කගපත
සත්‍යයත් යුක්තියත් සොයා ගිය…
පෑන් පහරට බියෙන් සලිත වු
පාලකයෝ දුන් වරදාන පොදි..
විසි කළා නුඹ උන්ගෙ මුහුණට
කෙළ පිඬක් සේ අළුයමේ දුටු…

ලෙයින් තෙත් වුන මගේ මව්බිම
මරබියෙන් සලිතව තිබූ රට
පලවා හැරලා ඝාතකයෝ රැල
නිදහසේ අරුනැලි දැකපු රට
ණයය් අය්යේ “උඹේ පෑනට”

නික්මුනත් අද අතැර මේ ලොව
මිය ගියේ නැහැ අපේ හද තුල
“සත්‍යවාදී සැබෑ මිනිසා
සුනිල් මාධව නුඹය් සිරිලක”