ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
ගුත්තිල මූසිල වාදය නියම කරගත් පසු ගුත්තිල ඇදුරු සිතූ අයුරු.
192.
වැඳ මගෙ සරණ තල
වෙණ සිප් උගත් අද බල
මොහුට පුළුවන් කල
මෙමට බැරිකිම පුරුදු හැම කල
මාගේ දෙපා වැඳ වීණා ශිල්පය අධ්‍යනය කළ උගත් අඳබාල වූ මොහුට හැකිනම් පුරුදු මට බැරි ඇයි ?
193.
අතවැසි වද නොදැමි
මොහු හා වාද නොකරමි
එතකුදු වුවත් හිමි
සිල්ප සත්වැනි දවස දක්වමි
නොහික්මුණ අන්තේවාසිකයෙකු වීත් මොහු හා වාද නොකරමි. එසේ වුවත් හිමියනි, සත්වැනි දින ශිල්ප දක්වමි.