කුරුවිට පියසීලී කවි රැජිණියට නිවන් සුව!
<em>'හිටවන කවි රැජිණ' යන විශිෂ්ට සම්මානය අගනුවර තරුණ කවි සමාජයෙන් පිදුම් ලැබූ කුරුවිට පියසීලී කිවිඳිය පසුගිය දිනෙක අප අතරින් වියෝ වී ගියාය. </em>
දෙසය දිනූ කවි රැජිණිය නිතරගෙ නී
රසය විහිදුනේ දියතෙහි දස අතිනී
බසය හිටිවනම බැඳුනේ කවි රසිනී
කවිය ඔබය පියසීලී කිවිඳිය නී
මහනෙල් මලක් විලසට නිල් දිය පිපුන
මනලොල් වඩන සිනහව දුටුවන් බඳන
සිහිළැල් වදන තියුණුය මුවඟින් මිදෙන
පියසිල් කිවිඳි යළි දකිනේ නැත කෙදින
නිමවා පැමිණි මෙහෙවර කවියට පෙම්මේ
සදවා දහක් කවි කිවිඳුන් එක පිම්මේ
මොනවා කලත් හදවත ගිණි නැත නිම්මේ
හඬවා ඔබත් යයි ඇය සිරිලක් අම්මේ
අතකස මහා කවි අඹරේ නිති දිළුන
අතකස යකිය ඔබ හිටවන කවි පිරුණ
සෙනෙහස පිරුණු දම් සබයක විඳ සුවෙන
බුදුරැස ඔබට ලැබදේ සුන්දර නිවන
09-11-2020
දෙසය දිනූ කවි රැජිණිය නිතරගෙ නී
රසය විහිදුනේ දියතෙහි දස අතිනී
බසය හිටිවනම බැඳුනේ කවි රසිනී
කවිය ඔබය පියසීලී කිවිඳිය නී
මහනෙල් මලක් විලසට නිල් දිය පිපුන
මනලොල් වඩන සිනහව දුටුවන් බඳන
සිහිළැල් වදන තියුණුය මුවඟින් මිදෙන
පියසිල් කිවිඳි යළි දකිනේ නැත කෙදින
නිමවා පැමිණි මෙහෙවර කවියට පෙම්මේ
සදවා දහක් කවි කිවිඳුන් එක පිම්මේ
මොනවා කලත් හදවත ගිණි නැත නිම්මේ
හඬවා ඔබත් යයි ඇය සිරිලක් අම්මේ
අතකස මහා කවි අඹරේ නිති දිළුන
අතකස යකිය ඔබ හිටවන කවි පිරුණ
සෙනෙහස පිරුණු දම් සබයක විඳ සුවෙන
බුදුරැස ඔබට ලැබදේ සුන්දර නිවන
09-11-2020