ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ ……….

අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ ……….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-April

ඔංචිලි වාරම් කියන්න
ඔංචිලි කවි පද බදින්න
අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ
ගමින් සෙ යිලමට ගිය සන්නාලි නංගියේ…….

මැසිමට උගසට තබලා
වියපත් වන තුරුණු වියට
සමහරු ඔච්චම් කරාවි හිච්චි නංගියේ
අවුරුද්දට ගෙදර එන්න හිච්චි නංගියේ ……….

එරබදු මල් වරුසාවයි
කොහා නදින් ගම පිබිදෙයි
කලියෙන් ඔබ ආවෝතින් හොඳයි නංගියේ
කඩුල්ල ළඟ නෙත් දෙක ඇත මුරට සාවියේ………

රබන් සුරල් හඬ නෑසෙයි
කැවුම් කොකිස් සුවඳ අඩුයි
ගම නම් ඇත වෙනස්වෙලා හිච්චි නංගියේ
මා නම් නැත වෙනස්වෙලා තවම ලේනියේ……….