අවසන් හමුව
දළඳා මැදුර සුදු මල් දෝතකින් පුදා
පෙර දා වගේ පැතුවෙමි නිදහසක් සදා
හිත දා හළුව යන සිතිවිලි නැතේ නිදා
වෙන දා වගේ නම් නෑ සැනසීම මෙදා
බෝගම්බර වැවේ ඉවුරේ දාරයක
පාවෙන බුබුලු පෙණ සැලුණා තාලයක
වෑහුණ සුසුමකින් නැඟි රළ පේළියක
පා යුග තෙමී දැනුණා දුක සීතලක
ඇස් පටලවා ගෙන අවසන් වරට ඇගේ
බස් රිය ඇතුළෙ විය ගල් රූපයක් වගේ
හිස් වූ සිතින් මා බිම රැඳි අඳුර දිගේ
වැස්සෙම ඇවිද්දෙමි මගෙ හිස හැරුණ මගේ
නුවරින් කොළඹ යන බස් නැවතුම අසල
අවසන් වරට දුටුවෙමි ගිළිහුණ කඳුළ
නැවතත් කොහේ අප හමු වේවි ද මතුළ
තවමත් දැනෙන රිදුමකි හදවත පතුල
පෙර දා වගේ පැතුවෙමි නිදහසක් සදා
හිත දා හළුව යන සිතිවිලි නැතේ නිදා
වෙන දා වගේ නම් නෑ සැනසීම මෙදා
බෝගම්බර වැවේ ඉවුරේ දාරයක
පාවෙන බුබුලු පෙණ සැලුණා තාලයක
වෑහුණ සුසුමකින් නැඟි රළ පේළියක
පා යුග තෙමී දැනුණා දුක සීතලක
ඇස් පටලවා ගෙන අවසන් වරට ඇගේ
බස් රිය ඇතුළෙ විය ගල් රූපයක් වගේ
හිස් වූ සිතින් මා බිම රැඳි අඳුර දිගේ
වැස්සෙම ඇවිද්දෙමි මගෙ හිස හැරුණ මගේ
නුවරින් කොළඹ යන බස් නැවතුම අසල
අවසන් වරට දුටුවෙමි ගිළිහුණ කඳුළ
නැවතත් කොහේ අප හමු වේවි ද මතුළ
තවමත් දැනෙන රිදුමකි හදවත පතුල