නිමල් අබේසිංහ - කඳාන

2022 නොවැම්බර් කලාපය

අපට හරියට වැස්ස

වලාහක වැස්ස
වගේමයි නුඹ යස්ස
කපනවද දෙස්ස
අපට හරියට වැස්ස

උදේ ඉඳන් චුරු චුරුවට පොඩි වැහි බිඳු වැස්සේ
නදේ සිතින් පොරෝනයට ගුලිවීගෙන බැස්සේ
වදේ තමයි දැන්නම් අපෙ යනවාමයි රිස්සේ
උදේ සවස එළිවෙනතුරු කිමැදැයි ඔබ වැස්සේ

පැලේ පොල් අතු සිදුරු අස්සෙන් මහා ජල බිඳු වැගිරෙතී
වැලේ රෙදි පිළි පිළුනු ගඳ දෙති තවම ජල බිඳු බේරෙතී
මලේ රොන්සුණු හලා දමමින් සුවඳ අහකට පීරතී
විලේ ජලයද විසල් ජලයෙන් පිරී ඉතිරී බොරවෙතී

මුදා හැරිය ඔය වැස්සට අපි තෙමුනා හොඳට
විදා පියා දියබත් වී වින්දා ඒ සතුට
උදා නොවුණි එවන් තුටක් එදා මෙදා තුරට
මුදා හැරිය මහ වැසි ඇති නවතාපන් අදට

කරපු හදියෙන් විනාශයි අපෙ කුඹුරු වතුපිටි යටවෙලා
කරපු තන්හිම උතුරා ගැලුවේ දෙගම් බොඩ ඉවුරුද තලා
සරපු හැමතැන ගලායනවා කඳුරු දියවැල් උතුරලා
උරපු පොළොවද සලිතවී ගොස් අහක බලනව ඇතිවෙලා

ලදී සුවහස් පහස වැහි බිඳු වලින් සියොළඟ කෙඳිරිලා
නිදී විලසින් දෑස අඩවන් වී තිබේමැයි මත්වෙලා
විඳී එපහස නමුත් යලි යලි ලබන්නට මන කැළඹිලා
රිදී දහරා ගලාගිය තැන් සියල්ලම ඇත මඩවෙලා

උනිය දවසක් ගෙවුන සතියක් කුස පොත්‍ත යට ගිනිගතී
මිණිය නොහැකිව එවන් ගින්නක් තරම සිත තුල කොඳුරතී
ගනිය තොපගේ කළු වලාකුළු කාට කාටත් ඇතිවෙතී
දනිය ගෝපාලලා වැනි අය හිව් මහල් වල තුටුවෙතී

- කඳානේ නිමල් අබේසිංහ
View Poem